05.. නුපුරුදු සෙනෙහස..❤️💚

1.7K 417 204
                                    

🌈🌈 Random Hit 🌈🌈.....

එවරනම් යීබෝ හිස ඔසවා ශාන් දෙස බැලුවේය ... පුරුදු බැල්මෙන්ම ඔහු ඉදිරිය බලාගෙන ඒ මිදුල කෙලවර ඇති කුඩා නිවස දෙසට රෝදපුටුව තල්ලුකරගෙන ආවේය ... ඒ හඩටදෝ එක්වරම නිවසෙහි දොර විවර විය....

නිවස තුලින් මතුවූ කාන්තාවක් සිනා මුසු මුහුණින් ඔවුන් ඉදිරියට ආවේය ..

" කවුද මැණික මේ....."

**

ඇගේ ආදරණීය හඩ නිසාම යීබෝ ඇයට සියුම් මදහසක් පෑවේය .. බැලූ බැල්මට ඇය ශාන්ගේ පෙනුමෙන්ම යුක්ත වූ නිසාත් වයස අවුරුදු පනස් පහක පමණ පෙනුමක්ද ඇති නිසා ඒ ශාන්ගේ මව යැයි යීබෝ අනුමාන කලේය ...ඇය සුදු සාමාන්‍ය උස කෙට්ටු සිරුරක් ඇති නිතරම මුහුණේ අපූරු සිනහවක් ඇති කාන්තාවකි...

",ඊයෙ රෑ මෙයාට තමයි මමා කෑම හදාගෙන ගියේ..."

ශාන් ඇය සමඟින් කියද්දී ඇය ආදරණීය ලෙසින් යීබෝගේ හිස අතගාන්නට පටන්ගත්තේය ... දැනෙන නුපුරුදු සෙනෙහසක ස්පර්ශය නිසා වෙන් යීබෝගේ දෙනෙත් වලට ලා කඳුළු පටලයක් ඉනුවේය...

",ඉතින් ගේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නේ අපි අපේ අමුත්තාව ගෙට අර ගමු..."

ඇය සුන්දර ලෙසින් සිනාසෙමින් යීබෝගේ මුහුණට එබෙමින් කීවේය.... නමුත් දැන් යීබෝගේ හිතට විශාල ගැටළුවක් පැන නැගී ඇත්තේ ය... නිවසට ගොඩවන්නට පඩි දෙකක් නගින්නට තිබෙන නිසා මෙතැනින් රෝද පුටුවෙන් යන්නට නොහැකි ය....

කල්පනා කරන්නට කිසිසේත්ම කාලයක් ඉතුරු වුනේ නැත... ශාන් ඔහුගේ හැඩි දැඩි අත් වලට යීබෝව ඔසවාගත්තේ නොසිතූ මොහොතකය... එක්වරම සිදු සිදුවූ සිදුවීමෙන් වික්ෂිප්ත වූ යීබෝ මුහුණ ඔසවා ශාන් දෙස බැලුවත් ඔහු සිටියේ ඉදිරිය බලාගෙන ය... ඒ මුහුණෙහි එක් පැත්තක් ලඟින් ලඟින් යීබෝගේ නෙත ගැටුනි....කෝකටත් කියා ආත්මාරක්ෂාව සඳහා යීබෝ ශාන්ගේ ගෙල වටා දෑත් බැඳ ගත්තේය.... ආයුර්වේද ඖෂධ හා මිශ්‍ර වුණු අමුතුම සුවඳක් යීබෝගේ නාස් පුඩුවලට දැනෙන්නට විය.... වෙළඳ පොලෙන් මිලදී ගන්නා මිල අධික සුවඳ විලවුන් මෙන් නොව මේ අමුතු ආයුර්වේද ඖෂධවල සුවඳ සිත නිවන බව යීබෝ ඒ මොහොතේ සිතුවේය....

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now