17... ඉතින් ඒ ඇස්....💚❤️

1.3K 363 261
                                    

🌈🌈 Random Hit 🌈🌈...............

හදවතේ කොයි තරම් වේදනාවක් ගැබ් වී තිබුණත් රාජකාරිය දේවකාරියක් ආකාරයෙන් සිදු කරන්නට ඔහු කවදත් උත්සාහ කරන්නේය.... ඔහු පරික්ෂා කරමින් සිටින්නේ උපතින්ම පාදවල දුර්වලතාවයක් ඇති දරුවෙකි....එම දරුවාගේ දණහිස ලඟින් මැදැඟිල්ල සහ වෙදැඟිල්ල තබාගෙන ශාන් මේ සිටින්නේ දෙනෙත් පියා ගෙනයි....
.
.

",ශාන්ගා.................."

දෙනෙත් පියාගෙන දරුවාගේ දණහිස පරික්ෂා කරමින් සිටින ඔහුට එක්වරම  නිතරම හුදකලාව සිටින මොහොතකදී ඇසෙන ඔහුගේ කටහඬ ඇසෙන්නට විය..... දෙනෙත් පියාගෙනම ශාන්  ගැඹුරු හුස්මක් අර ගත්තේය...... දැන් දැන් ඒ හඬ තම රාජකාරි යටත් බාධාවක් කරන්නට සූදානම් වන්නේ දැයි ඔහු කල්පනා කළේය..... වටපිටාවේ ශබ්දයන් සියල්ල අමතක කර දමා යළිත් ඔහු දණ හිස වෙත අවධානය යොමු කළේය.....

" ශැන්ගේ....."

යළිත් ඔහු අසලින්ම ඒ හඬ ඇසෙන්නට විය.... ශාන් ගැඹුරු හුස්මක් පිට කර හිස කිහිප වතාවක් දෙපසට වැනුවේය...... දැන් ඔහුට ඇත්තේ ඔහු සමගම කේන්තියකි... රාජකාරි සිදු කරන අවස්ථාවේදී ඔහු හැඟීම් බර වන්නේ නැත..... අවසාන වතාවටත් ඔහු දණහිස කෙරෙහි අවධානය යොමු කළේය...මේ කිසිම අවස්ථාවක දී ඔහු දෙනෙත් හැරියේ නම් නැත......

" ශන්ගෝ.............."

එවරනම් ඒ හඩ ඔහු අසලින්ම ඇසෙන බව අවබෝධ වූ ශාන් ඉක්මනින් දෙනෙත් හැරියේය ......

ඒ ඇස් අදහා ගන්නට නොහැකිවිය..... ශාන් හට ඔහුගේ හදගැස්ම පවා නතර වූ බවක් දැනෙන්නට විය..... භාවනාවකට සමවැදී රෝගීන් පරික්ෂා කරන අවස්ථාවකදී මෙන් වටපිටාවේ කිසිවක් ඔහුට නොපෙනෙන්නට විය.... තමන් ඉදිරියේ මුව පුරා  සිනාසෙමින් සිටින  ආත්මගත සෙනෙහසෙහි හිමිකරු පමණක්ම ඔහුට පෙනෙන්නට පටන් ගත්තේය....... දැන් ඔහුට වටපිටාවේ කිසිවක් ඇසෙන්නේද නැත..... අඩුම තරමේ ඔහුට ඔහුගේ ඇඟිල්ලක් වත් සොලවා ගන්නට තරම් ශක්තියක් නැත්තේය..... නමුත් ඔහුගේ සංවේදී ඉන්ද්‍රියන් වලට නම් මේ උත්තේජනය හරි අපූරුවට දැනුනු ආකාරයෙන් දෑස්වලින් කඳුළු පිට කරන්නට පටන්ගෙන තිබුණි..... ශාන්  අඩපන වී ඇත.... ඔහු ඒ සිනහවේ කිමිදී ඇත.....හරියටම මාසයකට පසුව ඔහු ළඟින්ම පෙනෙන මේ ආදරණීයයාගේ සිනහව.........

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now