21...නුවර වැවට හාදු දිදී....❤️

1.3K 331 97
                                    

🌈🌈  Random Hit 🌈🌈.........

" මාලිගාවට ගිහින්ම පේරාදෙණි යමු චූටි ...."

හිරුනිගේ නිවසින් දිවා ආහාරත් රැගෙන ඔවුන් පිටත්වෙද්දී එකත් පසුවී තිබුනි... ඉතින් නුවර නඟරයට ඇතුල්වෙද්දී තුනත් පසුවෙමින් තිබුනී.... යිබෝ සිටින්නේ වටපීටාව ඉතා උනන්දුවෙන් සහ ආශාවෙන් නරඹන අතරයි...

මවගේ කතාවට හා යැයි හිස සැලූ ශාන්  කෙලින්ම දළදා විදියට වාහනය හැර වූයේය....

" යමු මල් අරගෙන වන්දනා කරලා වැව ලඟට එමු...."

නුවර වැව දෙස ආශාවෙන් බලාගෙන සිටින යීබෝ අසලට පැමිණි මෙන්ලි කීවේය ...

" මෙතනට ආපුහාම හිතට හරි නිදහසක් දැනෙනවා මමා...."

යීබෝ  මවගේ අතින් අල්ලාගෙන කීවේය ... ඒත් සමඟම ශාන්  සහ ෂූයෑන්ග් නිල්මානෙල් සහ සුදු නෙලුම් පොකුරු දෙක බැගින් අතැතිව එතැනට ආවේය  .. නිල් මානෙල් අතරින් පෙනෙන ශාන්ගේ මුහුණ දෙස යීබෝ  ආශාවෙන් බලාගෙන සිටියේය ..

",යමු....."

මෙන්ලි ඉස්සරවූ අතර ශාන් යීබෝගේ අතකින් අල්ලාගත්තේය ...

" ශාන්ගේ ..."

"හ්ම්ම්ම්..."

" ඔයාට අනුන් දෙන්න ගැන සැකයක් හිතෙන්නැද්ද...."

යීබෝ  පිටුපසින් එන ෂූයෑන්ග් සහ බින්ව පෙන්වමින් ඇසුවේය ...

" හිතිල තියෙන්නේ බබා...ඒත් තව ටිකක් ඔහොම යමුකෝ.... "

ශාන්  පහත් ස්වරයෙන් කීවේය ...ෂූයෑන්ග්  එහි පැමිණි දිනයේ සිට බින්ගේ හැසිරීම ඉතා කලබලකාරී බව ශාන් හොඳින්ම දුටුවේය... ෂූයෑන්ග්  දකින විට ඔහු කලබල වන්නේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගනිමින් බවත් ඔහු මේ දින දෙකට හොඳින් අධ්‍යයනය කළේය.... ෂූයෑන්ග් නම් කොහොමත් විහිළුවක් කර සැහැල්ලුවෙන් සිටින පුද්ගලයෙක් වුවත් බින් එසේ නැත ඔහු ඉතාමත් නිහඬ නිවුනු පුද්ගලයෙකි.....ඉතින් හිතේ කැමැත්තක් තිබුණත් එය අගවන්නේ නැතුව සිටින්නට ඔහු ලොකු උත්සාහයක් දරන බව නම් ශාන් දන්නේය...

කතාවෙන් කතාවෙන් දෙදෙනා මාලිගා භූමියට ආවේය...

" ලස්සනයි ..."

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now