🦋𝑬𝒑 .23🦋

127 20 1
                                    

පාන්දර එකට විතර නින්දෙන් ඇහැරුන ටේ ටික වෙලාවක් ඇදේ ඉදගෙන කල්පනා කරා.

මම මොකද කරන්නෙ. මට බැ ආයෙත් පරන කෙනා වෙන්න. ඒ අතිතෙට මම වෛර කරනවා. මම නිසා එදා උන දේවල් මට ආය වෙන්න ඉඩ තියන්න බැ. මගෙ හියොන්වත් මට නැති උනෙ මගෙ වැරදි නිසා මට බැ එහෙම කරන්න.

" ටේ මට සාදාරනය ඉටු කරන්න" ක්ලෙයාගෙ ඒ වචන ටේගෙ ඔළුව පුරා හොල්මන් කන්න ගත්තෙ. ජිවිතෙ කවදාවත් නොදැනුන අසරන කමක් ටේට දැනෙද්දි.

මම මොකද කරන්නෙ? ටේ කල්පනා කරන ගමන් ඔළුව අල්ල ගත්තා. ඒ විදියටම ටික වෙලාවක් ඉදපු ටේ ඇදෙන් බිමට බැහැලා කාමරෙ එහාට මෙහාට ඇවිදින්න ගත්තෙ ලොකු තීරනයක් ගන්න හිතන ගමන්. ඇද ලගම තිබුන මේසෙ ලග තිබුන වතුර එකෙන් වතුර විදුරුවක් එක හුස්මට බිව්වෙ වතුර නැතුව හිටපු කෙනෙක් වගෙ. වතුර කෝප්පෙත් මහ සද්දෙට මේසෙ උඩට අත ඇරිය ටේ ලොකු හුස්මක් පහලට දාලා දොර ලගට ගියා.

ෆෝන් එකෙ එලියෙන් හිමින් පඩි පෙල දිගෙ බිමට ආපු ටේ පොත් රාක්කයට පිටි පස්සෙ තිබුන තවත් පොඩි පඩිපෙලකින් ඒකට ඇතුළු උනා.

පුස් ගද නිසාම කැස්සක් ආපු ටේ ඉක්මනින් නහය අතින් වහ ගත්තා. අවුරුදු ගානකට කලින් වලලා දැම්ම ඒ මතක වලට ආය පන දෙන ගමන් ටේ ලෑස්ති උනෙ අවුරුදු ගානකට කලින් වහලා දැම්ම ඒ දොර අරින්න. ලොක් එකට අත තියාගෙන ටේ කල්පනා කරෙ දෙගඩියාවෙන්. කොච්චර අකමැති උනත් ක්ලෙයාට දිපු පොරොන්දුව නිසාම ටේ මේ වැඩෙ කොහොම හරි කරනවා කියලා හිත හදා ගත්තා.

ඔව් මට පුළුවන් .... ටේ දොරෙට අත තියාගෙන තමන්වම ශක්තිමත් කර ගත්තා.

ඒත් කොහොමද මම ඒක කරන්නෙ. පරන මතක වලට මම වෛර කරනවා මම කොහොමද එහෙම කරන්නෙ. මට බැ මට බැ ආය පරන යක්ශයා වෙන්න. ඌට හිතක් පපුවක් නැ. තිරිසනෙක්ට පන දෙන්න ඕන නැ මට. ඒත් ඒ තිරිසනා නැතුව මේ වැඩෙ කරන්නත් බැ මම මොකද කරන්නෙ. තමන් එක්කම ලොකු තර්කෙක හිටිය ටේ අවසානයේදි ලොකු හුස්මක් අරන් තීරනයකට ආවා.

ඔව් ඒ වෙන මොකක්වත් නෙවෙයි පරන යක්ශයාව ඇහැරවන්න. ඒත් ඒ යක්ශයා ඇහැරෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙ ඉතින් පුළුවන් වෙයිද මේ දේ කරන්න. පරන යක්ශයා නැතුව පුළුවන් වෙයිද මේ අය එක්ක හැප්පෙන්න.

ලොකු හුස්මක් ගත්ත වෙව්ලන අත් වලින් ටේ පාස්වට් එක ගහන්න ගත්තෙ මදක් නැවති නැවති. තමත් ටේට මේ වැඩෙ කරන්න ඕන නැ. ක්ලෙයා වෙනුවෙන් නොකර ඉන්නත් බැ. පාළුවට ගිහින් තිබුන මේ කාමරෙ දොර ටිකෙන් ටික ඇරෙන්න ගත්තෙ මහ සද්දෙකුත් එක්ක. ටේට ආපහු දුවලා යන්න ඕන ඒත් කොහොමද ඒක කරන්නෙ කවදාවත් නොදැනුන අසරන කමක් ලග ටේ නැවතිලා. ආපස්සට කකුල් තියන්න ගියත් ටේට දැනුනෙ කකුල් දෙක පොලවට ඇලිලා වගෙ හැගිමක්. ඇරලා තිබුන දොර දිහා බලන් හිතට ශක්තිය ගත්ත ටේ ටික ටික කාමරේට ඇතුල උනෙ එලියට එන්න පොරකන කදුළු බින්දු පාලනය කරගන්න ගමන්.

හැම තැනම තිබුනෙ කාලයක් ටේගෙ ජීවිතේ වටිනාම දේවල් උන weapons  . පිස්සුවෙන් වගෙ කාලයක් ටේ මේ weapons එකතු කරා. ටේගෙ එකම අරමුන උනෙ එයාගෙ weapons ගොඩට තවත් අලුත් දෙයක් එකතු කරගන්න එක. ඔව් ටේ ඒක කරා. හැම තැනම එක එක වර්ගයෙ weapons වලින් පිරිලා තිබුනා. ඒ එක්කම ලොකු මතක ගොඩක් එකතු වෙලා තිබුනා. ඇස් අග නලිය නලිය තිබුන කදුළු කැට ටේගෙ පාලනෙන් මිදිලා කම්මුල් දිගෙ බිමට වැටුනා. එක තැනක ටේටත් නොදැනිම ටේගෙ කකුල් නතර උනා. පරන මතක ගොඩක් අස්සේ ටේ හිර උනා. කියාගන්න නොතේරුන පාළු හැගිමක් එක්ක ටේගෙ පපුව හිර වෙන ගතියක් දැනුනා.

" ටේ .... තමුසේ තාම පොඩි එකෙක්. මොන දේ කරත් පරාස්සමින්."
"අයියො හ්යොන්ග් තාමත් මං ගැන එහෙමද අනෙ හිතන් ඉන්නේ"
" එහෙම තමයි හිතන් ඉන්නෙ"
" බලන්නකො කවදා හරි මම මේ ලෝකෙ බලවත්ම කෙනා වෙනවා"
"තමුසෙ බලවත්ම කෙනා වෙනවා ඊට කලින් ගිහින් university එකෙ නෝට් ටික ලියනවා... මැටි හරකා. මුත් එකයි මුගෙ යාළුවත් එකයි.තොපි ටික එකතු උනොත් ලබු කිරිබත් කෑවා වගේ වැඩම නෙ කරන්නෙ"

පරන මතක ගොඩක් ලග හිර උන ටේ. එතනම දැන ගහගෙන අඩන්න ගත්තෙ. ජීවිතෙ තිබුන වටිනම වස්තුව නැති කරගත්ත එකට හිතෙන් සාප කරන ගමන්.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ගොඩ කාලෙකින් ඔන්න මම ආවො 😘
කතාව දැන් ඉදන් එක එපිය ගානෙ දානවා හැම සිකුරාදාම රෑට. අමතක උනොත් බබාලා මතක් කරන්න හරිද.

එහෙනම් මම ගියො..... ඉලග එක ලබන සිකුරාදා🤭🍂😘

Bye ✌️

Black _swan 🤭🍁🍂

You've reached the end of published parts.

⏰ Last updated: Nov 13, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now