🦋𝑬𝒑.20🦋

249 61 23
                                    

කමක් නැ හැල්මොනි තව දුරටත් එයාට මට කරදර කරන්න බැනෙ ඒ නිසා මම මේක තියා ගන්නම්.
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
- පැය හයකට පසු -
හැල්මොනි ක්ලෙයාගෙ ආත්මය හිර කරපු බෝතලෙත් අරන් ගියා. ඒත් මම දන්නෙ නැ ඒක අරන් ගියෙ කොහෙටද කියලා. වෙනදාට මට මගෙ ගෙදර ලොකු ආරක්ශාවක් දැනුනත් අද මට මගේ ගේ ඇතුලෙ මම අනාරක්ශිතයි කියලා දැනෙනවා. ඇයි ඒ හේතුවක් නැති ප්‍රශ්න ලග මම අසරන වෙලා.

ක්ලෙයා ඇයි ඔයා මට ආදරේ කරලා මං ලගටම ආවේ. හරියම බැලුවොත් මම නේද ඔයාගෙ මිනිමරුවා. ඇයි ඔයා මට ආදරේ කරේ. ඔයා මැරෙන්නෙ නැතුව හිටියා නම් අපිට එක් වෙන්න තිබුනා නේද. ඔයාගෙ අන්තිම ආසාව උනෙ අර තිරිසන්නු ටිකව ඉවර කරන්න නේද. ඇයි ඔයාට මැරෙන්නෙ නැතුව ඉන්න බැරි වුනෙ. ටේ මේ හැමදේම කිව්වෙ මෙච්චර වෙලා සාක්කුවෙ දාන් හිටිය ක්ලෙයාගෙ මාලේ අත තියාගෙන.

එහෙනම් අපි හම්බ වෙන්නෙ නැ ටේ. එදා මම මැරුනෙ නැත්තම් මාව ඔයාගෙ වාහනට හැප්පුනෙ නැත්තම් අපි දෙන්නා අද යන්නෙ එහෙනම් අපිට හිමි වෙනස්ම පාරවල් දෙකක. මම සතුටු වෙනවා එහෙම නොවි මම ඔයාගේ වාහනේට හැප්පිලා මැරුන එකට.

ඔයාට මම කියපු දේවල් ඇහෙනවාද? ඒත් කොහොමද?

ටේ ඔයාගෙ හැල්මොනි ඔයාට කිව්වා මතක නැද්ද මේ මාලේ ඔයා ලග තියෙනකම් ඔයාට මාව ඇහෙනවා කියලා. ඒ වගේම ඔයාගේ හැල්මොනි දන්නෙ නැති තවත් දෙයක් තියෙනවා. ඒ තමයි එක් ආත්මයක් තවත් ආත්මයකට බැදනොත් ඒ කෙනා හිතන දේත් අපිට ඇහෙනවා කියන එක.

ඒත් දැන් ඔයා ඉන්නේ කොහේද?

මම ඉන්නෙ ඔයා ලගමයි. ඒත් ඔයාට නොපෙනෙන ඔයාගෙ ලගට එන්න බැරි තැනක. පුළුවන් නම් මට සාදාරනෙ ඉටුකරන්න. මම කරදර නොකර යන්නම් පොරොන්දු වෙන්නම්. ඒත් උපදින හැම ආත්මයකම මම ඔයාව පතනවා. ඔයාට මේ ආත්මේ මට ආදරෙ නොකලත් ලගබ ආත්මෙ මම ඔයාගේ දරුවෙක් හරි වෙලා ඉපදෙනවා. එතකොට ඔයාට බැරි වෙයි මට ආදරෙ නොකර ඉන්න.

මට ඔයාව නිදහස් කර ගන්න බැරිද?

පරක්කුයි ටේ දැන් මට ඔයා ලගට එන්න බැ. ඒත් මට ඔයා එක්ක මේ විදියට කතා කරන්න පුළුවන්. ඔයාගෙ හැල්මොනි මට ශාපයක් කරා ආයෙ කවදාවත් ආත්මයක් වෙලා ඔයා ලගට එන්න බැරි වෙන්න. ඉතින් දැන් දුර ඉදන් මට ඔයා දිහා බලන් ඉන්න පුළුවන්. මට මගෙ සාදාරනෙ ඉටු කරලා දෙන්න.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now