🦋𝑬𝒑.15🦋

333 88 7
                                    

දරුවො මම ඔයාට පැන ගන්න උදව් කරන්නම්. පරිස්සම් වෙන්න. මේ ලෝකෙ අපි හිතන තරම් සුන්දර නැ. මේ නරුමයො මගෙ ඉස්සරහමයි මගෙ දුවව විනාශ කරේ. දුවෙ ඔයා මං වෙනුවෙන් සාදාරනයක් ඉටු කරන්න. පරිස්සම් වෙන්න දුවේ ඔයාට ඕන දේකට මං ඉන්නවා.

——————————————————————————
බෙහෙත් පෙට්ටිය පැත්තක තියලා මගෙ අත අල්ලන් හිටිය සොල්ජා දිහා මම බැලුවෙ අසරනව. එයාගෙ මුනෙ වගේම මගේ මුනෙත් තිබුනෙ අසරන කමක්. කියා ගන්න බැරි තරම් අසරන වෙලා ඉද්දි සොල්ජා මට මගේම අම්මා වගෙ දැනුනා. එයා ඉල්ලපු ඉල්ලිම මම කොහොමද අහක දාන්නෙ. මාවත් නැගිට්ටවන් දොර ලගට ගිය සොල්ජා මට ඉන්න කියලා එලියට ගියා.

-විනාඩි කිහිපයකට පසු-
සොල්ජා නැවතත් දොර ඇරන් අැතුලට එනකොට මම හිටියෙ බිම ඉදගෙන මොකද මගෙ අතින් මේ වෙන කොටත් ලේ ගොඩක් ගිහින් තිබුන නිසා වගේම වැරදුන පාරවල් වලට මම ගොඩක් දුර්වල වෙලා හිටපු නිසා. බිම ඉදන් ඉන්න මං ලගට සොල්ජා ආවේ හීයක වේගෙන්.

දුවේ ඔයාට අමාරුද?

මම වේදනාව පැත්තකින් තියලා සොල්ජා දිහා බලලා ඔළුව දෙපැත්තට හෙල්ලුවෙ අමාරු නැ කියන්න. මොකද මට තවත් සොල්ජාව අසරන කරන්න ඕන වුනෙ නැති නිසා. මේ වෙනකොට මට සොල්ජා කරපු උදව් වලට ගෙවන්නෙ කොහොමද කියලා කල්පනා කරන ගමන්. මෙච්ච වෙලා මගෙ මුන දිහා වදවෙන බැල්මෙන් බලා හිටිය සොල්ජාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවෙ අපි අතර තියෙන නිහඩතාවය බද දමමින්

ම...මම ... කො.... කොහොමද මේවාට ගෙවන්නේ....

මේවාට ගෙවන්න ඕන නැ දරුවො. මගෙ දරුවාට ආසාරනෙ ඉශ්ට කරන්න. ඒක මට ඇති. මගෙ දරුවාට මේ අපරාදේ කරපු නරුමයන්ව මගෙ ඉස්සරහම විනාශ කරලා දාන්න. එතකොට මටත් පුළුවන් හිත සැනසිමෙන් මගේ දුවයි මහත්තයි ලගට යන්න.

ඔ....ඔයා කොහොමද මාමාව අදුරන්නේ.

ඒක දිග කතාවක් දරුවෝ. මේ මිනිහා මගෙ මහත්තයාගෙ යාළුවෙක් ඒ කාලෙ මගෙ මහත්තයා වැඩ කරෙ මේ මිනිහා ලග. එක දවසක් අපේ ගෙදර ආවා රෑ කෑමකට. ඒ එනකොටත් මම හිටියෙ කුස්සියෙ වැඩ කරන ගමන්. කෑම මේසේට කෑම යවලා මමත් වතුර එක අරන් පිටි පස්සෙන් යනකොට මේ නරුමයා මාව දැක්කා. අමුතු තාලෙට කට කොනේ හිනාවක් දාන් මගෙ දිහා බලන් ඉදලා පැය පහකට හයකට පස්සෙ එයා යන්න ගියා ඒත් අර ජරා බැල්මෙන් මට බේරෙන්න බැරි වුනා.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now