🦋𝑬𝒑.08🦋

443 127 12
                                    

-රාත්‍රී 12.45 -

🧟‍♀️- ඔයාට මාව ඇහෙනවාද? ඔයා ලගට එන්න දෙන්න මට. ඔයාට මං කරදර කරන්න නෙවෙයි ආවේ. පුළුවන් නම් මගෙ මිනි මරුවන්ගෙන් පලි ගන්න. ඔයා ඒක කෙරුවොත් සදහටම මං අතුරුදහන් වෙලා යන්නම්. වෛරය නොසන්සිදුන ආත්මයක් මං මට මේ ලෝකෙන් මිදිලා යන්න බැ මාව දස වද දීපු ඒ නරුමයෝ ඉවරයක් නොකර.

💛- එපා .... මං ඔයෙව දන්නෙ නැ. මං මේ කිසි දේකට සම්බන්ද නැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

🧟‍♀️- නැ ඔයා මේ හැමදේටම සම්බන්දයක් තියෙනවා. කරුනාකරලා උදව් කරන්න.

💛 - මට බැ.
මං එකපාර ගැස්සිලා ගියේ ඒ දැකපු හීනේ නිසා. පපුවත් අල්ලන් ඇදේම ඉදගත්තේ මගෙ හදවත එකසිය ගානට ගැහෙන නිසා. නයිට් ස්ටැන්ඩ් එකේ තිබුන වතුර විදුරුව එක හුස්මට බීපු මං බැලුවේ ජනේලෙ දිහා. සුදු ජනෙල් රෙද්දෙන් වැහිලා තිබුන ජනේලෙන් එහා පැත්තෙ ගෑනු කෙනෙක්ගෙ හෙවනැල්ලක් මට පෙනුනා. අත තිබුන වතුර විදුර ස්ටෑන්ඩ් එකෙන් තියලා මං ඇදෙන් බැස්සෙ ඒ කවුද කියලා බලන්න. කරුවලේම ඇදෙන් බැහැලා ටික ටික ජනේලේ ලගට ගිය මං ජනෙලේ රෙද්දට අත තියන්න ගියේ ඒක එහාට කරන්න හිතාගෙන්.

ට්‍රිං..... ට්‍රිං....... ට්‍රිං.....

ආයිශ්.. මේ ෆෝන් එක තව ටිකෙන් පපුව නැවතිලා මැරෙනවා බය වුනපාර.
මොකද කොටෝ රෑ මැද යකා නටන්නෙ තව ටිකෙන් පන යනවා මගේ.

❤️- අප්පෝ ඔව් මහලොකු උස එකා ඒත් පට්ට බයයි. හරි හරි එකෙන් වැඩක් නැ දැන්.

💛- ඒක නෙවෙයි කෝල් ගත්තෙ වැඩකටද.

❤️-ශික් බලපන් අපි ගැන උබ හිතන් ඉන්න විදිය. ඇයි මෙච්චර දවස් උබට මං කෝල් ගත්තෙ වැඩකට විතරද.

💛- හරි හරි බන් කියපන්කෝ දැන් කොල් ගත්තෙ ඇයි.

❤️- වෙන මොකටද උබ හොදින්ද කියලා බලන්න කවුද දන්නෙ ඔය ඉන්නවා කියන යකාවත් තොට ගහලාද කියලා තනියම ඉන්න එකේ.

💛- තෝ මට යකා ගහනකම් ද බලන් ඉන්නෙ. ඒක නෙවෙයි කුක්කා හොදින් ඉන්නවාද?

❤️- ආ ඔව් ටේ ඌ හොදින් ඉන්නවා. උබ අර ගිහින් කියටද ගෙදර ආවේ.

💛- ආ.... මං ගෙදර ගියේ නැ බන්.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now