🦋𝑬𝒑.04🦋

554 145 9
                                    

💛- ජිමිනුත් ගියා එයාගෙ වැඩ වලට කුකිත් කැම්පස් වැඩ වලට ගියා. වෙනදාට කන් බෙහිරි වෙන්න ගේ ඇතුලේ සද්දේ තිබුනත් අද ඒ එකක්වත් නැ. මහ මූසල පාළු ගතියක් මුළු ගේ පුරාම තිබුනා. වෙනදාට කුක්කා මුළු ගේම අනිත් පැත්ත ගහපුවා වගේම නිතර පටලන් කියවන වචන ටික නැතුව මුළු ගේම පාළුවට ගිහින්. ජිමින් බොන කන ඒකේ ඉදලා මට දකුනු අත වගේ මගේ ලග ඉදන් මට හැමදේම කියලා දුන්නේ එයා. ඉතින් මේ දෙන්නා ගියාට පස්සේ මගේ හදවතේ කොටසක් නැති වෙලා වගේ. මම පුරුදු විදියට එහෙම්මම ගියේ කුස්සියට ගිහින් කෝෆි එකක් හදා ගත්තා. මට ආය වැඩට එන්න කියලා තිබුනත් මට යන්න හිත දුන්නෙම නැ. ඒ නිසා මම තිරනය කරා වැඩට නොයා ඉන්න. කෝෆි එකත් අරන් සෝෆා එකෙන් මම ඉද ගත්තා. පුදුමයි ඊයේ රෑ තරම් මගේ කකුලේ තුවාල රිදෙන්නෙ නැ. මම කකුල උඩට අරන් හෙමිට බැන්ඩේජ් එක ලිස්සා. මේ වෙනකොට ඊයේ රෑ දාපු බෙහෙත් තුවාලය අස්සට උරන් තිබුනා. තාමත් තුවාලේ වේලිලා නොතිබුන හින්දා මම ඔහොම්ම සෙටියේ දිගා වෙලා ඇස් පියා ගත්තා. එකපාරට මට දැනුනේ මගේ පිටිපස්සෙ කවුරුහරි ක්ෂනිකව මාරු වෙනවා වගේ. මම සෙටියෙන් නැගිටලා ඉදගෙන පිටි පස්ස බැලුවත් කවුරුත් පේන්න හිටියේ නැ. මම ඒ පැත්ත බලන් ඉද්දි මගෙ බෙල්ල පිටි පස්සෙන් මට හුස්ම ගන්න කොට දැනෙන උනුසුම් හුලං පාරක් දැනුනා. මම පිටි පස්ස බලද්දි එක පාරටම කුස්සිය පැත්තෙන් හැදි පෙරලෙන සද්දයක් ඇහුනා. මම එතනනින් නැගිටලා කෙලින්ම ගියේ කුස්සියට.

ආයිශ්..... මම හැමදාම රෝසි නැන්දාට කියනවා මේ ප්ලුටෝව අපේ ගෙවල් හතර මායිමට එවන්න එපා කියලා. කොහේද ඉතින් අහන එකක් යැයි. හැමදාම එනවානේ හොරා කන්න. මම බැන බැන නොන්ඩි ගහ ගහ කුස්සිට ගියා. මේසය උඩ තිබුන හැදි ඔක්කොම බිම වැටිලා මම නැමිලා එකින් එක ඇහිදින්න ගත්තෙ බැන බැනමයි. මම හැදි අහුලන් බැලුවේ කොහේ හරි මේ බළල් තඩියා ඉන්නවාද බලන්න ඒත් හරි පුදුමයි කවුරුත් නැ. උදේම එලියේ තිබුන මිදුම් ගතිය නිසාම කුස්සියේ ජනේලේම දුමාරයක් වගේ බැදිලා. මම ඒ අතරින් ලාවට වගේ දැක්කෙ සුදු අැද ගත්ත ගෑනු කෙනෙක් අපේ ගේ පැත්ත බලන් ඉන්නවා. ඒත් මට අදුර ගන්න බැරි වුනේ මිදුම නිසා. එලිය පුරාම තිබුනේ වැස්සක පෙර නිමිති පෙන්නන පාළු මූසල අදුරක් එලි වෙලා තිබුනත් තාමත් එලිය මුසල අදුරකින් වැහිලා ගිහින්. මම ජනේලේ පිහදාලා තවත් ජනේලෙ ලගට කිට්ටු වෙලා බලද්දිම කොහේද හිටපු කළුපාට පූසෙක් මගේ ඇගට පැන්නා මම බය වුනපාර පස්සට ගිහින් මේසේ හැප්පිලා වැටුනා. මම ඉබේටම වගේ ජනේලේ පැත්ත බලද්දි මම දැක්කේ කළු අතක් ජනේලේ වැදිලා පහලට ලිස්සිලා යනවා. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න තැනින් නැගිටලා මම දුවන් ගියේ මේසේ උඩ තිබුන යතුරයි පොන් එකයි අරන් කාර් එක ලගට. කාර් එකත් ස්ටාට් කර ගෙන මම එහෙම්ම ගෙදරින් ආවාත් යන තැන ගැන කිසිම අදහසක් මගේ තිබුනේ නැ. මම කාර් එක එලවන් කෙලින්ම ගියේ හයිවේ එකට දාන්න පුළුවන් කෙටිම පාර තිබුන බැන්චන් විදියට ( මේක මම හිතින් මවා ගත්ත තැනක් ) තැනින් තැන හම්බෙන මුඩුක්කු වගේ ගෙවල් ටික දුරක් යනකම් තිබුනත් ඊලගට මම වැටෙන්නෙ මහ ඝන කැලයක් මැද්දට. දවල් කාලෙට පවාම මේ කැලේ තිබුනේ අදුරක් මම ලයිට් එකත් ගහ ගෙනම ඉස්සරහ කාර් එක වේගෙන් ගෙනිච්චා. නොහිතපු වෙලාවක ආව කෝල් එක නිසාම මම ගැස්සිලා ගියා. මම පෝන් එක දිහා බලද්දි පෝන් එකේ වැටිලා තිබුන ජිමින්ගෙ නම. මම පෝන් එකත් කනේ තියන් කතා කරන්න ගත්තා.

♥️ - අන්යොන්හසේයෝ... ටේ

💛- අන්යොන්.

♥️- උඹ කොහේද බන් ඉන්නේ. කුකි කිව්වා එයා කෝල් ගත්තාට උඹ answer කරේ නැ කියලා.

💛- ආ ඔව් බන් මම ඩ්‍රයිව් කරන ගමන් හිටියේ පෝන් එක ඊයේ ඉදන් මූට් කරලා තිබුනේ. උඹේ කෝල් එකත් අහම්බෙන් දැක්කෙ.

♥️- ඩ්‍රයිව් කරන ගමන් උඹ කොහේද යන්නෙ.

💛-මම පොඩි වැඩකට එලියට ආවා ආය ඉක්මනින් ගෙදර යනවා උඹ කලබල නොවි ඉදපන්. මම එහෙම්මම ජිමින්ලෙ වැඩේ ගැන අහ අහ ඉද්දි එකපාරටම කාර් එක ඉස්සරහට කවුද කෙනෙක් පැන්නා. එයාව හැප්පෙනවා දැක්කත් කිසිම සද්දයක් ඇහුනේ නැ ඒත් කාර් එකෙ විදුරුවේ ලේ පැල්ලමක් තිබුනා. මම කාර් එක බ්‍රේක් කරලා ටික වෙලාවක් කාර් එක ඇතුලෙ ඉදන් බලන් හිටියත් කවුරුත් කෙදිරිගාන සද්දයක්වත් ඇහුනේ නැ.මම එකපාර ගැස්සිලා ගියේ ජිමින්ගෙ කෑ ගැහිල්ල නිසා.

♥️ - ටේ ටේ උඹ හොදින්ද මොකක් හරි වුනාද.

💛- මොකුත් වුනේ නැ මම උඹට පස්සේ ගන්නම් පෝන් එකත් කට් කරලා. කාර් එකෙන් බැහැලා කාර් එක ඉස්සරහට ගිහින් බැලුවා.

-----------------------------

කවුරු වෙන්න ඇතිද ඒ හැප්පුනේ. ඔයාලාගෙ අදහස් මොනාද කියන් යන්නලා හැමෝම ඔයාලාගෙ ඕතර් මේ පාර පිස්සු කතාවක් ද ලියන්නේ. බෝරින්ද. මේ හැම ඒකටම උත්තර දන්නේ සුශිලා තමයි මම කරන්කෙ කතාව ලියන එක. ඔයාලාම මට අදහස් කියන්න කෝ. එහෙනම් අදට යන්නම්.

Vote & comment කරන්න. 💜💜

♥️♥️බෝරාහේ♥️♥️

I hope you enjoy my story 🥺🥺

Good night 😘

අදහස් කියන් යන්න කාරුනික වෙන්න.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now