🦋𝑬𝒑.13🦋

392 91 5
                                    

ගේ ඇතුලට ගියපු මං දැක්කෙ මගෙ මාමා කියන එකා සෝෆා එකේ ඉදන් ඉන්නවා. ඌව දැක්කාහම මගෙ ඇගෙ මාළු නටනවා වගේ ගතියක් දැනුනාත් මොකුත් නොවුන ගානට මං ගේ ඇතුලට ගියේ අජුම්මාව කලබල කරන්න බැරි නිසා. මම ගේ ඇතුලට යනවාත් එක්කම අර මාමා කියන එකා මාව බදාගත්තා.

😈-අනේ මගේ පැටියෝ මෙච්චර දවස් කොහේද හිටියෙ බලන්න මාමා කොච්චර ඔයාව හෙව්වාද කියලා. යමු අද ඉදන් ඔයා මා එක්ක ඉන්නෙ. ඔයාගෙ අප්පාගෙ දේපල ඔක්කොම මගෙ නමට හරවලා වගේම ඔයාගෙ අප්පාගෙ අන්තිම කැමැත්ත තමයි ඔයාව මං බලාගන්න එක යමු. දැනටමත් ඔයාගෙ අජුම්මාට කියලා බඩුටික අස් කර ගත්තා.

ඒ මිනිහා මාව තවත් ඇගට තෙරපගන්න ගමන් කිව්වා. එහෙම ඉන්න එක මට අපහසුවක් වුන නිසා ඒ මිනිහාව තල්ලු කරලා ඉක්මනින් අජුම්මාව බදාගත්තා. තවත් මේ මිනිහා රගපාන විදිය දැක්කාහම මගෙ ඇස් වලින් කදුලු වැටුනේ මේ දුක දරාගන්න බැරි වුන නිසාමයි.

අජුම්මා මගේ පිටට තට්ටු කරලා මාව සනසවන්න ගියත් එයාගේ උනුහුම තවත් මට ලැබෙන්නෙ නැ කියලා මතක් වෙද්දි තවත් මගෙ දුක වැඩි වුනා මිසක් අඩු වුනේ නැ.

අනේ අජුම්මා මට යන්න බැ

දුවේ ඔයාගෙ අප්පාගෙ අන්තිම කැමැත්ත මේක නම් ඒකට පිටුපාන්න අපිට බැ.

ඒත් මම ගියාහම අජුම්මා ලග ඉන්නෙ කවුද?

දුවේ මට තනියම ඉන්න පුළුවන්. ඒ වගේම මාමා මට පොරොන්දු වුනා මගෙ වියදම් ඔක්කොම එයා බලාගන්නවා කියලා. දැන් අඩන එක නවත්තන්න. ඔයාගෙ බඩු ඔක්කොම මං පැක් කරා. පරිස්සමින් ඉන්න මගෙ මැනික.

අජුම්මාටත් සමු දිලා මං අර මාමා කියන නරුමයත් එක්ක එන්න පිටත් වුනා. පැයකට විතර පස්සෙ අපි ආවේ විශාල දෙමහල් නිවසක් ලගට මාමා කියන එකා මගෙ බඩු ටික ගෙදර වැඩකාරයෙක්ට කියලා කාමරේට ගෙනිච්චා ඒත් අර මාමා කියන එකා මගෙ අත අල්ලන් අත ගාන්න ගත්තෙ මහ ජරා බැල්මක් මගේ ඇග දිහාට දාන ගමන්. එකපාරටම වුන දේ නිසා ශොක් වුන නිසාම මං අත ගසලා ගත්තා. මෙච්ච වෙලා කට කොනේ හිනාවක් දාන් බලන් හිටිය මාමා කියන එකාගෙ හිනාව නැති වෙලා යක්ශයෙක් වගෙ අැස් රතු කරන් මගේ ලගට ආවා.

𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃Where stories live. Discover now