YOU'RE MY HOME - CHAPTER 1

89 7 0
                                    

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

"පුතා.... නැගිටින්න.. අදත් College යන්න පරක්කුවෙයි ඔයාට..."

උදේම කාමරයේ දොරට ගසමින් කියූ අම්මගේ ඒ මිහිරි රාවයත් එක්කම කොට්ටේ යටට මුණ ඔබා ගත් මා හරිබරි ගැසුනේ එය නෑසුනා සේ තව ටිකක් නිදා ගැනීමටයි.

"පුතා... ඇහෙන්නේ නැද්ද...  හැබැයි මම වතුර බාල්දියක් අරන් එන්නේ දැන් ඔතනට..  Collage එකට ඇතුළු උනත් හරි පන්තියට වේලාවට ගිහින් නැනේ මේ ළමයා.."

විනාඩි කිහිපයකට පසුව නැවත වරක් දොරට ගසමින් අම්මගේ සුපුරුදු වදන් පෙලත් මුවින් නික්‌මුනේය.

"හරි... හරි... නැ..ගි..ට..ලා.. ඉ..න්..නේ..."

අඩවන් වූ දෑස් පිසදමමින් ඇදෙන් බැස ගත් මා නාන කාමරයට පැන ගත්තේ ඊලග අදියරය ලෙස අම්මා නිසැකවම මගේ කාමරයට පැමිණෙන බව දන්නා නිසාමය.

නා පිරිසිදු වී නිල ඇදුමත් ඇදගෙන සුදානම්වුනු මා යතුරු පැදියේ යතුරද රැගෙන පහල මහලයට ගියේ අම්මා පිළියෙළ කර තිබෙන යමක් බඩට දා ගැනීමටය.

"වාඩිවෙලා කන්න...🤨"

කෑම මෙසය අසලටවිත් එහි තිබු සැන්ඩ්විච්යක් කටේ දා ගැනීමට මුලපුරද්දීම බලමින් සිටි පත්තරයද පහලට කර තාත්තා කීවේ ඇහිබැමක්‌ද ඔසවමින්ය.

අනතුරුව මේසයෙන් වාඩි වී සැන්ඩ්විච් දෙක තුනක්ම ගිල දැමු මා කුස්සියට යාමට සුදානම් වෙද්දීම මගේ ප්‍රියතම ශක්ති ජනක පානය හදාගෙන අම්මා ආවේ එය මට නැතුවම බැරි දෙයක් බව හොදින්ම දන්නා නිසාමයි.

"ඔය පුරුද්ද කවද්ද ළමයෝ නවත්තන්නේ... පොඩි එකෙක් වගේ මයිලෝ බොනවා හැමදාම.."

කුඩා කල සිටම එයට ඇබ්බැහි වී සිටි මට අවුරුදු 18ක්‌ උවත් තවම එය අතහැරීමට නොහැකි දෙයක්විය.

අම්මාගේ මැසිවිලි කනකට මායිම් නොකළ මා උගුරට දෙකට වීදුරුව හිස් කර දෙදෙනාගෙම දෙපාවැද එලියට ආවේ මගේ දඩුමොණර හොයාගෙනය.

"මේ තියෙන්නේ දිලිසි දිලිසි...."

වයස අවුරුදු 18ට සම්පුර්ණ වූ පසු තාත්තාගෙන් මා ලද පළමු ත්‍යාගය මෙය වූ අතර මෙය මගේ ජීවිතයේ වටිනාම දෙයද විය.

YOU'RE MY HOMEWhere stories live. Discover now