Chapter 15

113 26 4
                                    

Sumi pov

මම මොකක්ද කියන්නේ..මම මොකක්ද කරන්න ඕනේ.. අනේ දෙයියනේ .. මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ.. ටේ ඔප්පා.. මගේ බයස් ව්‍රෙකර් අද මට කන්ෆෙස් කලා.. දෙයියනේ ... මම මේක කොහොමද විශ්වාස කරන්නේ.. වාව්.. එයා ඇත්තටම ..

" ආහ්... යාහ්.. තමුසේ මොනාද සුමියා ඔය හිතන්නේ.. "

මම එහෙම හිතන ගමන් ඔලුවට පාරක් ගහගත්තේ මේ ලෝකේ සිහියට එන්න..

ඒත් ඔප්පා විහිලුවක් කරා වෙන්නත් බෑ. මම මුකුත් කිව්වේ නැති උනාම එයාගේ ඇස්වල කදුලුත් පිරුනා .. එක්කො එයා ඒක කිව්වේ ඇත්තටම ද.. ඒත් ඇයි..

ටේහ්‍යුන්ග් ඔප්පා වගේ කෙනෙක් මම වගේ කෙනෙක්ට කැමති උනේ ඇයි.. මේ ලෝකේ මෙච්චර කෙල්ලො ඉද්දි ඇයි මම..

ආයිශ්.. නා මුල්ලා.. ඒත් ආහ්..

මට කිසි දෙයක් හිතාගන්න බැරි උන නිසා මම කලේ රූෆ්ටොප් එකේ වැටට හේත්තු වෙලා උඩ පනින ගමන් කොන්ඩේ අවුල් කරගත්ත එක..

ඒත් ඉන්න... ටේ ඔප්පා ඇත්තටම මට කැමති නම්.. ඒත් මම කැමති කුකී ඔප්පාටනේ.. හරි ඉතින් කුකී ඔප්පා කැමති වෙන කෙනෙක්ට තමා ඒත්.. මම කැමති එයාටනේ.. මම කොහොමද ටේ ඔප්පාට කැමති වෙන්නේ.. ඒත් මම එයාට අකමැති උනොත් එයා ගොඩක් දුක් වෙයිනේ.. අද මම විදින වේදනාවම ටේ ඔප්පාත් විදී නේද මම ඔප්පාට අකමැති උනොත්..

හ්ම්... අනේ මට තේරෙනේ නෑ..අප්පා... මට උදව් කරන්නකෝ.. මම මොකක්ද කරන්නේ. මම කොහොමද ටේ ඔප්පාට ආදරේ කරන්නේ.. මම කොහොමද එහෙම කරන්නේ..

මමම අවුල් කරගත්ත කොන්ඩේ අස්සෙන් අහස දිහා බලාගෙන හිතන්න ගත්තේ අප්පාගේ හිනා මූන මගේ හිතේ මවාගෙන..

" අක්කේ.. "

අහස දිහා බලන් හිටපු මම මේ ලෝකේ සිහියට ආවේ මල්ලිගේ කට හඩින්..

" ආහ්.. මල්ලි ඔයා.. "

" හ්ම්.. "

මල්ලි ඇවිත් රූෆ්ටොප් එකේ වැටට බරවෙලා බිම බලාගත්තේ ලොකු කතාවකට මුල පුරන්න වගේ 

" අක්කේ මේ අහන්නකෝ.. මට කියන්න දෙයක් තියෙනවා ."

" ම්ම්..කියන්නකො බලන්න.."

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now