Chapter 13

121 27 2
                                    

Sumi pov

ටේ ඔප්පා මාව ඇදගෙන ආවේ රූෆ්ටොප් එකට.. ඒ ඇවිල්ලා රූෆ්ටොප් එකේ වැටට හේත්තුවෙලා එයාගේ ලස්සනට තිබ්බ කොන්ඩේ අවුල් කරන ගමන් බර කල්පනාවක..

මෙයා ඉන්නේ ප්‍රශ්නේකවත්ද?? අහන්නත් හිතයි..එක්කො ඕනේ නෑ.. ඊටපස්සේ මේ කොටියා කුලප්පු වෙලා බනින්න ගනී ඕකටත් හුම්..

අම්මෝ..මෙතන ලස්සන.. වාහ්.. සෝල් ටවුන් එකම පේනවද කොහෙද.. එක එක සයිස් බිල්ඩින් ගොඩක්.. අනේ සෝයි අප්පා.. මෙහෙම බලද්දි සෝල් ටවුන් එකම කූබිලන්තෙ වගේ සූටියට පේන්නේ.. තාම රෑ වෙලා නැතත් සමහර බිල්ඩින්ග්වලට දැනටම ලයිට් දාලා.. පාට පාට කයිට් වලින් උලු සෝල් ටවුන් එකම එලි වීගෙන යන්නේ... ලාවට කලුවර වැටීගෙනත් එන නිසා ඒ ලයිට් එලි පෙනුනේ සුරන්ගනා කතාවක එන සුරගනලන්තයක් වගේඑ..

" මේ.. හලෝ.. මොකද ඔතනට වෙලා කැරකි කැරකි ඉන්නේ.. මෙන්න මෙහෙට එනවා.. "

මම ඉතින් ටේ ඔප්පා වැටට හේත්තු වෙලා එයාගේ ලෝකේක ඉන්න නිසා පොඩ්ඩක් කැරකිලා වටේ බැලුවා.. ඇයි ඉතින් මම අදනේ මුලින්ම මේ රූෆ්ටොප් එකට ආවෙ.. මෙතන ලස්සනට ඉතින් මනෝ ලෝකවලට ඇදිලා යනවා තමා මම මොනා කරන්නද ඒකට  ..

" ඔහ් හරි.. "

මමත් ඉතින් එන්න කිව්ව නිස රූෆ්ටොප් එකේ වැටට හේත්තු උනා.. වාව්.. මේකේ උස.. අම්මෝ මට වමනෙට වගේ . යාහ් සුමියා බිම නම් බලන්න එපා කෙල්ලෙ ..

මම මටම කියාගෙන ටේ ඔප්පා ගාවින් ටිකක් එහාට උනේ කොටියෙක් ගාව ඉන්න එක ඇගට ගුන නෑ කියලා අත්දැකීමෙන් දන්න නිසා..

අනේ මෙතන ටේ ඔප්පා වෙනුවට මගේ කුකී හිටියා නම්.. එහෙනම් මම එයා දිහා බලන් ඉන්නවානේ. කුකි ඔප්පාත් එයාගේ පිස්සු හැදෙන හිනාව දදා කෝලම් කරයි. මේ කොටියා වගේ බුම්බගෙන ඉන්න එකක් න්නෑ.. මේ මනුස්සයා නම් අනේ මන්දා.. වචන 10ක් කතා කරන්නෑ.. කතා කලොත් බනින්න ලෑස්ති වෙලා.. හුම්..

" මේ අහන්නකෝ සුමියා.. "

කවදාවත් නැතුව ලෝ වොයිස් එකකින් කත අකරන්න ගත්ත ටේ ඔප්පා දිහා මම බැලුවෙ පුදුමෙන්. ඇයි ඉතින් මේ සතියෙම කොල්ලාගෙ වැඩේ මට රවපු ගොරවපු එකයි මට බැනපු එකයිනේ.. අද ටේ ඔප්පා කතා කරපු විදියට මට මතක් වුනේ මීට සතියකට කලින් සූබින්ලාගේ කොන්සට් එක දවසේ ටේ ඔප්පා මාත් එක්ක කතා කරපු විදිය.. එදා ඒතරම් මිත්‍රශීලී විනෝදකාමි කෙනෙක් වගේ කතා කලත් ඊටපස්සේ ටේ ඔප්පා හිටියෙම බුම්බගෙන ..

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now