Chapter 11

123 30 2
                                    

ස්ටේජ් එක උඩට ආවා.. දන්නවද මට ගොඩක් සතුටුයි.. මොකද අද මගේ මේකප් එක දැම්මේ මගේ නිල් කිරිල්ලි අතින්මයි..ඒ චූටි දිග ඇගිලි වලින් මගේ මූනේ මේකප් එක දානකන් මම නම් වශී වෙලා වගේ කෙල්ල දිහා බලන් හිටියේ..

හී හී.. එයා නම් ආමි කෙනෙක්ම තමා... මාව දැක්කාම කෙල්ලව වෙව්ලනවා වෙව්ලිල්ලක්.. අම්මෝ පව් අනේ.. කෙල්ල හෙන ගේමක් දීලා වගේ එයාගේ හිත පාලනය කරගන්නේ.. මට ඒක දැකලා හිනා යන්න ආවත් මම තොල හපන් හිනාව පාලනය කරගෙන හිටියේ මගේ කෙල්ල මගේ ඉස්සරහාවත් අපහසුතාවයකට පත් වෙනවා බලන්න අකමැති නිසා. අනික මම දැන් හිනා වුනොත් කෙල්ල තව ටිකක් බය වෙයිනේ..

මම මගේ මේකප් එක දාලා ඉවර උන ගමන් මගේ මැකාව් බේබි ගියේ කුකීට මේකප් එක දාන්න.. ඒත් කෙල්ල මේකප් එක දානවට වඩා කලේ අර මෝඩ හා තඩියත් එක්ක කෝලම් කරපු එක..

හුම්.. ඒ මගේ මල්ලි තමා. ඒත් එයා මගේ කෙල්ල එක්ක ඔහොම හුරතල් වෙන්න ඕනේ නෑ.. ඇයි අනේ මට ඊරිසියයිනේ. ඒ මගේ නිල් ගිරවිනේ.. මගේ විතරයි.. හ්ම්.. ඒත්.. එයා දැනටම වෙන කාගෙහරිද? මම දන්නෑ..

අපි ස්ටේජ් එකට ආවාමත් මම බැක් ස්ටේජ් එකේ වෙච්ච දේවල් මතක් කර කර තනියෙම හිනා වෙවි හිටියේ.. ඒත් අපි ස්ටේජ් එකට ආපු ගමන් අපිව අදුරගත්ත ආමිලා බෙරිහන් දෙන්න ගත්ත නිසා මට තවත් මගේ මනෝ ලෝකේ සැරිසරන්න බැරි උනා.. ආමිලා හැමෝම අපේ නම් තාලෙකට කිය කිය කෑගහන්න ගද්දි ඇත්තටම මට මගේ මැකාව් බේබ්වත් අමතක උනා..

" hello moa.. ආහ්.. බලන් යද්දි armyලත් ඉන්නවා නේද මෙතන.."

ස්ටේජ් එකට ගියපු ගමන්ම කුකී හාවෙක් වගේ වටේම පැන පැන දුවන ගමන් ඇහුවා. අනේ ඇත්තටම මේ පොඩි එකා නම්.. කොයි වෙලේ හරි වැටිලා හොම්බ කට සමතලා කරගන්නවා..

ඔහ්.. ඔය.. ආහ් හරිනේ වැටුනා නේද.. මේකා නම් අනේ මන්දා .. මූට තියෙන්නේ ලොකු වෙන්නැති ලෙඩක්.. පව් අර අසරන කෙල්ල..

" මේකයි..අද අපි මේ ස්ටේජ් එකේ ඉන්න ඕනෙ කට්ටියක් නෙමේ නේ.. ඒත් අද අපිට අපේ මල්ලිලා.. ඒ කිව්වේ අපේ txt මල්ලිලා එනකන් ටික වෙලාවක් ස්ටේජ් එක ගන්න වෙනවා.. ම්ම්.. ඒකට හේතුව... "

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now