Chapter 02

153 27 4
                                    

" නුනා... අඩෝ නූනා.. "

ආයිශ්.. මේ යක්ක පැටියා එක්ක බෑ දෙයියනේ..

" මොකෝ වදේ බෙරිහන් දෙන්නේ.. "

මම හිටියේ රොටි හදන්න පිටි අනන ගමන්.. ආහ් මම ඔයාලට කිව්වානේ අම්මා ලංකාවෙ කියලා. ඉතින් අපි ලංකාවේ කෑම කන්නත් ආසයි ගොඩක්.. ඒ නිසා මම මේ උදේට කන්න රොටි හදන්න රොටි අනනවා..

" නූනා.. මොනාද කරන්නේ.. ඕහ්.. පොල් රොටි.. නූනා.. පොල් රොටි හදන්නද යන්නේ.. "

" ඔව් බූරු පැටියො.. ඇස් පේනවානේ.. නේද.. "

" අපෝ.. නූනා. ඔයා එක්ක බෑ අප්පා. හරි හරි මේ හලෝ.. අහනවකෝ.. තමුඅඒ හොදින් නේද.. "

මල්ලි මම අනලා තිබ්බ පිලි ගුලියෙන් කෑල්ලක් කඩ කන ගමන් ඇහුවා.. මූ එක්ක බෑ අප්පා. මේකා හැමදාම ඔහොමයි මොන දේ හදන්න ගත්තත් උයන්න කලින් අමුවෙන්ම ගිලලා ඉවරයි..

( ඕතරී වගේ.. 😋 )

" ඇයි බන් මම මේ හොදින් ඉන්නේ.. "

" අනී නුනා බොරු කියන්නේ.. ඔයා ජන්ග්කුක් හ්‍යුන්ගේ ඩේටින් රියුමර් එක ආව දවසේ ඉදන්ම හොදින් නෙමේ ඉන්නේ. මම හරි නේද නූනා.. "

මල්ලි එක පාරට බැරෑරුම් පෙනුමක් අරන් අහද්දි මට තේරුම් ගියා මම කාමරේට වෙලා රෑට රෑට අඩපුවා මල්ලිට මාට්ටු කිය්ලා..

හ්ම්.. ඔව් ඇත්තටම මම හොදින් නෙමෙ.. මම මතක කාලේ ඉදන් බනී ඔප්පාව මගේ සිහින කුමාරයා කරන් හිටියේ.. මම දන්නවා ඒක වැරැද්දක් කියලා. මට බෑ එයාලට ආදරේ කරන්න කියල. ඒයාලා කොච්චරවත් කියනවා එයාලාව අයිඩල් කෙනෙක් විදියට මිසක් වෙන විදියකට දකින්න එපා කියලා.. ඒත් මම මතක ඇති කාලේ ඉදන්ම කලේ බීටීඑස්ලාගේ ගඩන් මැක්නෙට හිතින් ආදරේ කරපු එක.. මට ඒක නවත්තන්න ඕනේ උනත් නවත්තගන්න බැරි උනා..

ආදරේ කියන්නේ ඒ වගේ හැගීමක්.. අපිට කියන්න බෑ කවදා කොහොම කොයි වෙලේ ආදරයක් කාගැන මොන හේතුවක් නිසා දැනෙයිද කියලා. හැබැයි ඒ හැගීම දැනුනා කියන්නේ ඔයාගේ ජීවිතේ හොදම කාලේ වගේම නරකම කාලෙත් උදා වෙන්න පටන් ගන්නවා කියන එක.. අපිට ඒ ආදරේ හිතට ගන්න ගොඩක් ලේසි උනාට හිතෙන් පිට කරන එක ගොඩක් අමාරුයි.. තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ගේ වෙනවා කියන්නේ ඒක විස්තර කරන්න බැරි දුකක්.. හරියට පපුව ඇතුලේ ගිනි ගොඩක් ගහන් ඉන්නවා වගේ පිච්චි පිච්චි ඉන්න වෙන්නේ..

Blue Macaw  || Completed || KTHWhere stories live. Discover now