26 කොටස ❤️💚

509 129 20
                                    

පෙර කොටසින් ....

හිමින් ඇස් ඇරපු යීබෝට මොකද උනේ කියල හිතාගන්න බැරි උනා. යීබො දැක්කෙ ඈතින් පයින්ම උඩට යන ජාන්ව.

එතැන් සිට...

ජාන් පයින්ම ගෙදර ආවේ දහසකුත් සිතුවිලි සිතේ පුරවන්.ඔහු පයින්ම කන්ද නගිද්දී යීබෝ ඔහුව නොදන්න ගානට කාර් එකෙන් ජාන්ව පහුකරන් එන්නට විය.
තරහක්වත් දුකක්වත් ඒ හිතේ ඒ වෙලාවේ තිබ්බේ නෑ .තිබ්බෙම ජාන්ට මූන දෙන්නේ කොහොමද කියන සිතුවිල්ල.

💚ච්ස් මෝඩ යීබො තමුසේ මොකටද ඇස් පියාගත්තේ මන් නම් මහ මෝඩයෙක් චිස් එයත් මොකටද.එහෙම කරේ මන් විතරක් නෙවෙයි එයත් වැරදිනේ.ව්ව්ව්ව් අයියෝ ච්ස්...

යීබෝ ගෙදරටම ඇවිත් කෙලින්ම ගියේ වොශ් රූම් එකට .මිසිස් වැන්ග් වාහනයක් ආපු සද්දෙට එලියට ආවට කිසිම කෙනෙක් පේන්න හිටියේ නැති උනත් වාහනේ තිබ්බ නිසා ගේට් එක ගාවට ගියා.ඇය දැක්කා ජාන් පයින්ම එන විදිහ.

"පුතා මොකද මේ පයින් කෝ යීබෝ"

❤️ආ යීබො ආවේ නැද්ද නැති වෙන්න විදිහක් නෑනේ මේ තියේන්නේ වාහනෙත්..

" වාහනේ නම් තියෙනවා ඒත් මනුස්සයා නෑ මන් හිතන්නේ කෙලින්ම කාමරේට යන්න ඇති ම්ම්ම් මට කියන්න ඇයි දැන් පයින් ඔයා ආ දෙන්නා රන්ඩු උනාද...

❤️පිස්සුනේ අපි එහෙම රන්ඩු වෙනවද ආ කාර් එක අර වංගුවේදී හිට්ටා ඉතින් මන් තල්ලු කරා ස්ටාට් උනාම මන් කිව්වා මේ ටික එන්නම් කියලා .."

"ඇත්තමයි නේද.."

❤️අම්මෝ ඉතින් ඔව් මගේ සුදු අම්මේ කෝ කෝ එන්නකො ටිකක්..

"නාකි හුරතල් "

❤️අනේ එන්නකො පොඩ්ඩක් යන් අර බංකුවේ වාඩි වෙමු."

ජාන් මාම්ව එක්කන් බංකුවේ වාඩි වෙලා මාම්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තා.
මිසිස් වැන්ග් පුදුම උනා මොකද යීබෝ මෙහෙම හුරතල් උනාට ජාන් මෙහෙම ඇය ලග හුරතල් වෙන්නේ කලාතුරකින් නිසා.

"මොකද මැනික මේ මොකක් හරි ඔයාගේ හිතට කරදරයිද"

❤️😁නෑ අම්මේ ඇයි එහෙමනම් විතරද මේ ඔඩොක්කුව මට අයිති

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Donde viven las historias. Descúbrelo ahora