08 කොටස❤️💚

690 144 23
                                    

පෙර කොටසින්....

..මේ සම්බන්දෙට පන දෙන්න මට බෑ. ඉතින් මන් නිහඩ උනා.

එතැන් සිට.......

Xiao zhan's pov..

මොනව උනත් එද මට ගොඩක් සතුටු හිතුනා වගේම ගොඩක් ලොකු බයක් හිතුනා.කොහොම කියන්නද කටක් ඇරල මාමා පපා මන් ඔයාලගෙ පුතාට ආදරෙයි කියල ඒ මිනිස්සු මොනව හිතයිද නමට හරි මට මේ ගෙදර ලැබුනේ එයලගෙ ලොකු පුතාගෙ චරිතේ යීබෝගේ අයියගෙ චරිතේ ඒ චරිතේ ඇතුලේ මන් ලෝකෙට පේන්න ජීවත් උනේ.ඒත් මේ හිතට දැනෙන හැගිමත් එක්ක ඒ චරිතෙත් මට ලොකු බරක් උනා.
ගොඩක් දෙවල් හිතට ගලන් එද්දී මන් යිබෝ ගාවට නොයාම කාමරෙට ගියා.මට අද වගේ මතකයි ඊට පහුවදා දවසම මූසල උන විදිහ.මගේ ජීවිතෙ මගෙ හැගීම් යීබෝගේ හැගීම් එකම වෙලාවේ කෑලි කැලි වලට බිදිල ගියපු විදිහ එදත් මන් සාමාන්‍ය විදිහට නැගිටලා ඔෆිස් ගියාට එදා සාමාන්‍ය දවසක් නම් උන් නෑ පපා හතර වටේට නයවෙලා යවපු ඕඩර් ඔක්කොම රිජෙක්ට් වෙලා පපා පිස්සෙක් වගේ ඔහේ බලන් හිටපු විදිහ.🥺එදා මන් එයාගෙ හිත හදන්න දරපු උත්සහය දන්නේ මන් විතරයි..ඒකට විසදුමක් විදිහට  අපිට ලොකු හයිය අත්තක් ඕන උනා.තාත්තයි මායි ඒ වෙලේ එල්ලෙන්න පුලුවන් තුත්තිරි ගහකද ඒකෙ හරි එල්ලෙන්න බලාගෙන හිටියේ .ඉතින් ඒකට හොදම විසදුම විදිහට මට ගන්න පුලුවන් උනේ මීට මාස දෙක තුනකට විතර මට ආපු යෝජනාවකට කැමති වෙන්න උන එක.එදා මන් ඒක රිජෙක්ට් කරත් අද ඒක මට ඕන උනා.මගේ හිත සී සී කඩට කැඩිලා යද්දි කොහොනෙදෝ එකතු කරගත්ත වචන ටිකක් මගේ කටින් පිටවෙද්දි මට මතක නෑ මන් සිහියෙන් හිටියද කියලවත් .
පපා කොයිම වෙලාවකවත් මට මේ තීරනේ ගන්න කියල කිව්වේ නෑ මේක මගේ තනි තීරනයක් වෙච්චි කොට මට සිද්ද උනා මගේ හිතට විරුද්ද වෙන්න.ඊට පහුවදා ලොකු බිස්නස් ටුවර් එකක් මට තිබ්බා .මුලින් යන් නෑ කියල හිතන් හිටපු මන් ඒකට යන්න තීරනය කරා.එ මොකද එ බිස්නස් ගනුදෙනුව සිද්ද උනේ යැන්සිලයි අපියි අතරේ ඒයගේ පපත් එක්ක මට එයා දන්න බිස්නස් මන් කෙනෙක්ව හම්බෙන්න යන්න තිබ්බා.
මන් එදා ගෙදර ගියේ හිත හයිය කරන් ඒත් යීබෝ පුටුව උඩම නිදන් ඉන්නව දැකල මන් හිරකරන් හිටපු ඒ වේදනාව කදුලු වෙලා ගලන්න ගත්තා. මන් එයාගෙන් සමාව ඉල්ලලා ආපහු එද්දී එයා ඇවිත් මාව බදාගෙන කිව්ව වචන ටිකට මගේ හැඩුම් තවත් වැඩි උනා.ඔව් එයා ඒ ටික කිව්වා ඒත් කො මට දෙන්න උත්තර..මන් මගේ හැගීම් බදු දීලා ඉවරයි .මන් යීබෝව එහෙමම දාලා කාමරේට ආවා.එදා රෑනන් එලිවෙනකම්ම මන් නිදාගත්තේ නෑ පහුවදා උදේම මමාටවත් නොකියා මන් ජපන් වලට ගියා පපානම් දන්නවා ඒත් පපාත් හරියට කාටවත් කියල තිබ්බෙ නෑ මන් ගියේ කොහෙද කියලා .එදා ඒ ගියපු ගමන මන් ආපහු ආවේ යැන්සිවත් කරගහන් ඒක මට කරන්න උනා.එයාලගෙ පපා කිව්වා රටට ගිහින් එන්ගේජ් එක කරමු කියල සමහරක් විට එයාට හිතෙන්න ඇති මන් එයාලගේ සල්ලිත් අරන් පැනල යයිවත් කියල.ඉතින් මන් රොබො කෙනෙක් වගේ එයා කියන හැමදේටම හා කිව්වා යැන්සි එච්චර නරක කෙනෙක් උන් නෑ.එයා ටිකක් පන්ඩිතයි ඒ ඇරෙන්න එයාගෙ හොද ගතිගුන තිබ්බා.මන් හිතුව මගේ හිතේ යිබො ගැන තියෙන හැගීම් එහෙමම යටපත් වෙයි මට යැන්සිට ආදරෙ කරන්න පුලුවන් වෙයි කියල.යැන්සිනම් මට ආදරෙ කලා.එයා මන් වෙනුවෙන් හැමදේම අත් ඇරල රට පවා යන්න ආවා.මන් හැමදේම දමල ගහල ආවේ මට එහෙ යීබෝ දිහා බලන් ඉන්න බැරි නිසා.යීබෝ එදා ගොඩක් අප්සට් එකේ හිටියේ මන් එයාගෙ හිත හැදෙන්න බොරු පවා කිව්වා.මට ඕනෙ උනේ එයා මට වෛර කරනව දකින්න ඉතින් අනිත් දේවල් සාර්තක නොවුනත් ඒකනම් මදි නොකියන්නම මට ලැබෙනවා.කාලෙත් එක්ක කොයිතරම් දේවල් වෙනස් උනත් මට යැන්සි දිහා මගේ බිරිද කියන කෝනෙන් බලන්න බැරි උනා.මන් ගෙදර ගියෙම නැති දවස් තිබ්බා එහෙ මට හම්බුන යාලුවත් එක්ක බිබී යීබෝව මතක් කර කර අඩපු දවස් තිබ්බා.ඒත් හිත හයිය කරන් බොරු හස්බන්ඩ්ගෙ චරිතය මන් රගපාන්න ගත්තා.ඒත් මන් අසාර්තකයි.යැන්සිට මගෙන් ලැබෙන්න ඕන කිසිම දෙයක් හම්බුන් නෑ එයාට හමුබුනේ සල්ලි විතරයි.එයත් ගෑනියෙක් එයාටත් හැගීම් දැනීම් තියෙනවා ඒත් මට කවදාවත් ඒව සම්පූර්න කරන්න බැරි උනා..අපි දෙන්න අතරෙ රන්ඩු එහෙම වැඩිවෙන්න ගත්තා.එය වගෙම මාත් මේ වැඩකට නැති සම්බන්දෙන් හෙම්බත් වෙලා හිටියේ.දවසක් මන් ගෙදර යද්දී එයාට මගෙ ඩයිරිය හම්බෙලා.එයා ඒක කොහෙන් කොහොම හොයාගත්තද කියන්න මන් දන් නැ ඒත් එයා අරන් කියවල .එයාගෙන් අහපු කිසිම දේකට එය උත්තර දුන් නෑ .එයා මගෙන් මොකවත් ඇහුවෙත් නෑ හැබැයි එයා සෑහෙන්න අඩල හිටියේ.එයා කරපු එකම දේ එයාගේ ගෙදරට කතා කරල ඩිවොස් වෙන්න ඕන කිව්ව එක.
ඒක නිසා තමා මේ ඔක්කොම උනේ.එයාගෙන් බැගෑපත් වෙලා මන් ඉල්ලුවා ඩිවෝස් එක දෙන්නම් ඒත් ගෙදරට නොකියා මේ හැමදේම විසදමු කියල .එයත් ඒකට කැමති උනා.එයාට ඕන උනා ඩිවෝස් එකෙන් පස්සෙ එයාට මෙහෙ ශොපින් මෝල් එකක් දාන්න ඉතින් එයා මගෙන් ඉල්ලුවෙ සල්ලී මන් ඒකට කැමති උනා.අවුරුදු 2 එයා විදපු ඒ දුකට ඒක මදි ඒත් එයාගෙ ඉතිරි ජීවිතේවත් එයාට ඕන විදිහට හදාගන්න මන් එයාට උදව් කරනවා.ඒත් එදා ඉදන් එයා වෙනස් කෙනෙක් උනා.ගොඩක් කලකිරීමෙන් වගේම මාත් එක්ක හොදට කතා කරත් එයා හිටියෙ පුදුම තරහකින්.එයා පුලුවන් හැම වෙලේකම මාව රිද්දුවා.මට හින්ට් ගැහුව.දැන් උනත් එයාගෙ කටින් කොයි වෙලෙ මොනව පනීද කියන්න මන් දන් නැ.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now