05 කොටස❤️💚

748 159 30
                                    

පෙර කොටසින්....

ජාන් යැන්සිත් එක්ක නැවත පැමින ඇත .ගෙට ඇතුල් වෙද්දිම යීබෝට දෙහි කපනව ඇහිච්ච නිසා ජාන්  කිචන් එකට ආවා.

එතැන් සිට......................

"ඔයාලා ඉක්මනටම ඇවිත්නේ පුතා..".

"ගියේ නෑ අම්මා මේ යැන්සි ගන්න ඕන ඒව දාල ගිහින් නේ ඒ  නිසා ශොපින් ගියා.රෑ වෙලා ඩිනර් එකටම එහෙ යනවා"..

"අනේ මේ රෑටනම් වාහනයක් හොයාගන්න 😒"

යීබෝ ටිකක් සද්දෙට කිව්වා.ඒත් එක්කම අම්මා යීබෝට රැව්වත් ජාන් නම් හිනාවෙලාම යීබො ගාවට ආවා.

"මන් කැබ් එකක් දාගන්නම් ඔයාට පුලුවන් කාර් එක ගන්න රෑට"

"හ්ම් 😒 " කියල යීබෝ අහක බලාගත්තා.

ජාන් හිනාඋනා.

"ඇයි අම්මා මූ මොකක්ද කරේ ඔයා ඔච්චර කෑ ගහන්න තරම්"

"බලන්නකෝ පුතා බඩගිනි කියල නූඩ්ලස් ඉල්ලුවා ඒක හදනකන් මන් කිව්වා සුප් එකක් හදන්න එලවලු ටික කපන්න කියලා එලවලු කපල නෙවෙයි තලලා"

"සුප් වාව් ඒකනම් මරු අයිඩියා එක කෝ එහාට වෙන්න බෝ බලන්න එලවලු ටික"

යිබෝ ජාන්ට රවමින්ම එහාට උනා.

ජාන් ඒ ටික දිහා බලලා හිනාවෙලා යීබෝ දිහා බලද්දී යීබෝ ජාන්ට රවාගෙන ඉගියෙන්ම මොකද හිනාවෙන්නෙ කියල ඇහුවා.

ජාන් ඒවට උත්තර දෙන්න ගියෙ නම් නෑ .

"යන්න ගිහින් වාඩි වෙන්න මේ ටික මන් ගානට හදල ගන්නම්"

"ඕව ආය කපන්න බෑ පුතා අලුත් ඒව ගන්න"

"ඕන් නෑ අම්මේ ඉන්නකෝ මන් ගානට ඒක කරල දෙන්නම්"

ඉතින් ජාන් කමිසේ අත්දෙක නවාගෙන අත් දෙක හෝදගෙන පිහිය අතට ගත්තෙ හෙන වැඩ්ඩා වගේ.ඔය අතරෙ යීබෝට එයාගේ නූඩ්ලස් එක හම්බුනා.
යීබෝ එතනම තිබුනු මේසෙන් වාඩි වෙලා ඒක කන ගමන් ජාන් වැඩ කරන දිහා බලන් හිටියා.

ඇත්තටම ජාන් ඒ වැඩෙ හරි ලස්සනට කරනවා.යීබෝ තලපු එලවලු ටික ජාන් පිහියෙන් අනවශය කෑලි අයින් කරල හරි ලස්සනට කපනවා.

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Where stories live. Discover now