33. It's Movie time, Baby ლ

431 131 13
                                    


'ඒ කියන්නේ ඔයාලා දෙන්නා ආදරේ කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ඒ කියන්නේ ඔයාලා දෙන්නා ආදරේ කරනවා..'

සෝහා රූම් එකේ එහාට මෙහාට සක්මන් කරන ගමන් අහද්දී ජන්ග්කුකුත් කෙල්ලගේ මතයට එකග වෙන ගමන් කල්පනා කර කර ඇවිදින්න පටන් ගත්තේ බැරෑරුම් ස්වරුපයක් මුහුණට ආරූඩ කරගෙන.

'මට මේ ගැන පොඩි සැකයක් දැනුනා.. එහෙනම් මම හිතුවා හරියටම හරි!'


පොඩිඋන් දෙන්නා අදහස් ගලපන ගමන් ජිමින්ටයි, මිසෝටයි ප්‍රශ්න යොමු කරනකොට ඒ දෙන්නා ඉදගෙන හිටියේ බෙඩ් එක උඩ. ඒවගේම ජිමින් කෙල්ලගේ අතින් අල්ලගෙන හිටියේ කෙල්ල දැනටමත් බය වෙලා කියලා තේරුණු නිසා.


ඒ අසලම සෝප් යුවලත් සෝෆා එකෙන් ඉදගෙන මේ දිහා බලාගෙන හිටියේ තවමත් පුදුම වෙලා. ඒ නමුත් කොල්ලෝ දෙන්නට දැනුනේ තමන්ගේ හොදම යාළුවා ගැන කියාගන්න බැරි තරම් සතුටක්. 

අන්තිමට එයාගේ ආදරේ එයාට හමුවුනා කියන සතුට ඉහවහා ගිය දෑසින් කොල්ලෝ දෙන්නා ජිමින් දිහා බැලුවේ කොල්ලත් තමන් වෙත ඇහැක් ගහලා හිනා වෙද්දියි.


'ආශ්.. පිස්සු ඩබල.. මේ අහන්නකො.. අපි දෙන්නට ඔයාලට කියන්න පුංචි කතන්දරයක් තියෙනවා..'

ජිමින් මිසෝ දිහා බලලා කෙල්ලගේ කර වටා අතක් දාගන්න ගමන් පුංචි කතාවකට මුල පිරුවේ මිසෝත් ඒ කතාව කියන්න ජිමින්ට උදව් වෙද්දියි.








'ඔන්න ඔහොමයි අන්තිමට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ..'

NOONA  | PJM ✔Where stories live. Discover now