14. Late Charming :|

457 154 20
                                    


'පාක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'පාක්... ජිමින්න්න්..'

කොල්ලා එකපාරටම සිහින ලෝකෙන් බැහැලා මනුස්ස ලෝකයට පියමැන්නේ එයාගේ එහාපැත්තෙන් යටිගිරියෙන් කෑගහන ගැහැණු කටහඩක් ඇහෙනකොට.


ජිමින් අන්දුන් කුන්දුන් වෙලා තමන්ගේ එහාපැත්තෙ ඉදන් තමන්ට බාධා කරපු කෙනා දිහා බැලුවේ අද ලන්ච් එක වෙලාවෙදි කැෆටේරියා එකේ ෆෑන් එකක ඒ කෙනාව එල්ලන්න හිතාගෙන. 

ඒත් ඒ දැකපු කෙනාව දැකලා ජිමින් තවත් හොල්මන් උනේ දැන් ටිකකට කලින් තමන් එයාට කරන්න ගියපු දේ තඩි කෙල ගුලියක් ගිලින ගමන් මතක් කරනකොට.


'ඔහ්.. හායි මිස් ග්‍රේස්..'

'හායි තමයි ළමයෝ.. බලන්න දැන් වෙලාව කීයද කියල? මොනාද තව මගේ මූන දිහා බලාගෙන මෙතනට වෙලා කරන්නේ.. කෝ.. කෝ.. ඉක්මනට ගිහින් පුහුණුවීම් වලට ලෑස්ති වෙන්න දරුවෝ..'

මිස් ග්‍රේස් එහෙම කිව්වේ ජිමින්ව, කෙල්ල පුහුණුවීම් කර කර හිටපු රූම් එක ඇතුලට තල්ලු කරගෙන යන ගමන්.


'මිසෝ.. මෙන්න ඔයාගේ පාට්නර්.. හොද ප්‍රින්ස් චාර්මින්.. ලේට් චාර්මින් තමයි ගැලපෙන නියම නම..'

මිස් ග්‍රේස් හිනා වෙවී එහෙම කියනකොට කෙල්ල කැසට් එක වහලා දාලා එයාලා ඉන්න දිහාවට ඇවිදගෙන ආවේ ටවල් එකකින් තමන්ගේ මුහුණ පිහදාන ගමන් සිනහමුසු මුහුණෙන්. 

ඒත් ජිමින් නම් තාමත් හිටියේ තමන්ගේ පිටට එකක් ගහලා මුළු බැලේ රූම් එකටම ඇහෙන්න හිනා වෙවී ඉන්න මිස් ග්‍රේස් දිහා අසරණ හිනාවකින් බලන ගමන්.


'පලවෙනි ස්ටෙප් එක පුරුදු උනාද ඩියර්..?'

NOONA  | PJM ✔Where stories live. Discover now