32. *CONFUSED*

411 136 12
                                    


මිසෝ උදෑසන අවදි වුනේ ලාහිරු කිරණක් තමන්ගේ මුහුණට පතිත වෙනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මිසෝ උදෑසන අවදි වුනේ ලාහිරු කිරණක් තමන්ගේ මුහුණට පතිත වෙනකොට. වෙලාවකට එය මුහුණට ආවේ නැහැ. ඒත් තවත් වෙලාවකට ඒක තමන්ගේ මුහුණට දැනුනා. කෙල්ලට තේරුණා මේක කාගේ හරි වැඩක් කියලා.


ඒත් මිසෝට අවදි වෙන්න හිත දුන්නේ නැත්තේ තමන්ට දැනුනු මේ උණුහුම නිසා. මිසෝට හිතුනේ තව ටිකක් ගුලි වෙලා මුළු දවසම උනත් නිදාගන්න. ඉතින් කෙල්ල තවත් ජිමින්ට තුරුළු වුනේ තමන්ගේ නින්දෙන් ඇහැරෙන්නේ නැතිවමයි.


මද වෙලාවකින් කෙල්ලට ඇහුනේ හිනා හඩක් තමන් ලගින්ම. ගොඩක් හුරුපුරුදු, ඒවගේම ආදරණිය. මිසෝ පුදුම වුනා තමන්ට මෙතරම් ලං වෙලා මුළු රෑම හිටියේ කවුද කියලා හිතාගන්න බැරුව. 

මොකද කිව්වොත් කෙල්ල ඊයේ රෑ හිටියේ හොද සිහියෙන් නෙමෙයි නිසා වුනු දේවල් මතක් කරගන්න ටිකක් අපහසු වුනා.


මිසෝ තමන්ගේ එක ඇහැක් ඇරලා බැලුවේ නිදිමතෙන්. එකපාරටම කෙල්ලගේ ඇස් දෙක තඩි ජිල් බෝල දෙකක් තරම් වුනේ තමන් දිහා බලාගෙන ඉන්න කෙනාව දැකලා.

කොල්ලගේ මුහුණේ ඇදිලා තිබුනේ ලස්සන හිනාවක්. ඒක වෙනදා ජිමින් හිනා වුනු විදිහට වඩා ගොඩක් වෙනස් පුදුමාකාර සතුටකින් කොල්ලා ඉන්න බව හගවන සිනහවක්.

'ගුඩ් මෝර්නින් මගේ සින්ඩරෙල්ලා..'


කොල්ලා කෙල්ලගේ පුංචි මුහුණට එබෙන ගමන් ඇහුවේ කෙල්ල ඇස් පිල්ලම් සීයක් විතර ගහන ගමන් ජිමින්ගේ දිහා බලනකොට. මිසොගේ කම්මුල් රෝස පැහැයට හැරිලා තිබුනේ ඊයේ රෑ වුනු සිදුවීම් එකින් එක තමන්ගේ මතකයට නැගෙනකොට.

NOONA  | PJM ✔Where stories live. Discover now