![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ජිමින් කළුවරට ඇස් හුරුකරගන්න ගමන් ඉස්සරහට ඇවිදන් ආවේ ටේබල් ලෑම්ප් එක හොයාගෙන. එකපාරටම කකුල පැටලිලා වැටෙන්න යද්දී කොල්ලා සමබරතාව රැකගෙන තමන්ට පෑගුනේ මොකක්ද කියලා බැලුවේ කනෙන් දුම් දාන්න පටන් ගන්න ගමන්. ඒක ෆුට් බෝල් එකක්!
ජිමින් කකුල අතගගා ඒක ආයි තිබුණු තැනින් තිබ්බේ බැල්කනි එකේ ඇරලා තිබුණු දොරත් ඊටපස්සේ වහද්දියි.
'ආශ්.. කොල්ලෙක්වත් මේ තරම් අපිළිවෙල නැහැ... මේ සෝහා නම්..'
කොල්ලා බිත්තිය දිගේ අත ගාගෙන ගිහින් කොහොම හරි කරලා ලයිට් එක ඔන් කළා. ජිමින් ඊළගට ඇස් දෙක පිහදාන ගමන් බැලුවේ කාමරේ දිහා. තැන තැන වැටිලා තිබුණු ඇදුම් ටික එකතු කරලා බකට් එකට දාන ගමන් ජිමින් ඇවිත් ඉදගත්තේ සෝහා ගුලි වෙලා නිදාගෙන ඉන්න ඇද ලගින්.
'සෝහා, නිදිද මැණික?'
ජිමින් කෙල්ලගේ ඔලුව හෙමින් පිරිමදින ගමන් ඇහුවා. මුළු කාමරේම නිහැඩියාවකින් ගිලිලා තියෙද්දී කොල්ලා සෝහව වැහෙන්න ඩුවට් එක කෙල්ලට පෙරෙව්වේ කෙල්ලගේ මූන දිහා හොදට බලනගමන්. ජිමින් දැක්කා කෙල්ල දැන් කොච්චර ලොකු වෙලාද කියලා. තමන් පොඩි කාලේ ඉදන් ආදරෙන් රැකගත්තු කොල්ලගේ එකම වස්තුව, කොල්ලගේ චූටි ප්රින්සස්, කොල්ලගේ දගමල්ල කවදා හරි වෙන කෙනෙක්ගේ වෙයි කියලා කොල්ලට ඒ මොහොතේ මතක් වෙද්දී ජිමින්ට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක්.
සෝහා නැතුව ජීවත් වෙන එක දවසක් ගැනවත් ජිමින්ට හිතන්න බැරි උනා. ඒ ගැන හිතද්දී කොල්ලගේ ඇස් තෙත්වුනේ ඉබේටමයි. කාමරේට පුංචි හුලන් රැල්ලක් එද්දී කොල්ලගේ කදුළු ඒ හුලගේ පහසට වියලිලා ගියේ ජිමින් ජනේල්ලේ එළියෙන් පේන හදදිහා බලන් ඉද්දියි.
![](https://img.wattpad.com/cover/303547375-288-k978163.jpg)
YOU ARE READING
NOONA | PJM ✔
Fanfictionහැමෝම අහලා තියෙන්නේ සින්ඩරෙල්ලාගේ කතාව. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ එයාට ආදරය කරපු ප්රින්ස් චාර්මින්ගේ කතාව.. A Sinhala PJM Fanfiction B × G Story Started - 2022.03.06 Ended - 2022.05.03 By @Quintlac