04. Prince Charming?

594 194 10
                                    


කොල්ලගේ ඇස් ගියේ කෙල්ල දිහාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ලගේ ඇස් ගියේ කෙල්ල දිහාවට. කෙල්ලගේ පිරුණු දීප්තිමත් සම, රෝස තොල් පෙති, උඩට කරලා ගැටගහලා තියෙන තද කළු පාට කොන්ඩේ, කතා කරනකොට දිලිසෙන බෝල ඇස් ජිමින්ව වෙනම ලෝකෙකට ගෙනියන්න සමත් කලා. 


ඒ උනත් කොල්ලට තේරුණා එයා මේ කරන වැඩේ වැරදියි කියලා. ගැහැණු ළමයෙක්ගේ ඇග දිහා බල බල රසවිදින්න තරම් ජිමින් පහත් වුනේ නැහැ. ඒ නිසා එයා එයින් මිදිලා මදකට එයාගේ ඇස් රූම් එක වටේටම යැව්වා.


නමුත් ජිමින් දැක්ක දේ නිසා ජිමින්ට අසූහාරදහටම නැග්ගේ තමන්ගේ අත මිටිමෙල වෙද්දී. කොල්ල දැක්කා රූම් එකේ කෙලවරේ හිටපු එක කොල්ලෙක් ගැහැණු ළමයින් ඉන්න පැත්ත දිහා කෙල හල හල බලාගෙන ඉන්නවා. නිකමට වගේ ඇස් එහෙ මෙහෙ කරද්දී ඒ කොල්ලා දැක්කේ තමන් දිහා අලුකරන බැල්මෙන් බලන් ඉන්න සීකර්ව. ලොකු කෙල ගුලියක් ගිලපු ඒ කොල්ලා හිමීට බැලේ රූම් එකෙන් මාරු වෙලා ගියේ ජිමින්ගේ අතින් තමන්ගේ බෙල්ල හිරවෙන්න කලින්.


'හරි දැන් හැමෝම නිශ්ශබ්ද වෙන්න. මම දැන් ප්‍රතිපල කියන්න යන්නේ'

මිස් ග්‍රේස් එහෙම කියනවත් එක්කම හැම ලමෙක්ම ගොඩක් කුතුහලයෙන් බලාගෙන හිටියේ ඒ වාසනාවන්තයෝ දෙන්නා කවුද කියලා දැනගන්න.


'මිසෝ ඒ ඔයා වෙන්න ඇති බන්. මට විශ්වාසයි! ඔයා  ගියපාර සෝල් නැෂනල් ටූනමන්ට් එකෙන් හොදම තුන්දෙනා අතරටත් තේරුනානේ..'

'අනි චෝහි.. විශ්වවිද්‍යාල උත්සවයේ බැලේ එක ගොඩක් සංකීර්ණ එකක්. මන් ඒ බැලේ නර්ථනයට නවක වැඩියි!'


කොල්ලා බලාගෙන හිටියා කෙල්ලගේ හැම ඉරියව්වක් දිහාම. කෙල්ල හොදටම කලබල වෙලා අත් එකට අතුල්ලන ගමන් මුවින් උණුසුම් කරනවා. ඒ තොල් වෙව්ලනවා. ඒ ගමන්ම කෙල්ල එහාට මෙහාට සක්මන් කලේ කලබල නොවී ඉන්න උපරිම උත්සහ කරන්න.

'මම කැමති ඉස්සෙල්ලම අපේ සින්ඩරෙල්ලගේ නම කියලා ඉන්න. ඊට පස්සේ අපි බලමු එයාගේ ප්‍රින්ස් චාර්මින් කවුද කියලා'

මිස් ග්‍රේස් දිහා හැමෝම එක එල්ලේ බලාගෙන හිටියේ මුහුණට ලස්සන හිනාවක් එක් කරගන්න ගමන්.


'අපේ පුංචි සින්ඩරෙල්ලා තමයි.. ජියොන් මිසෝ!'

හැමෝම අත්පොලසන් දෙද්දී කෙල්ල රෝස පාටට හැරුණු කම්මුල් එක්ක ඉදිරියට ආවේ ලැජ්ජාවෙන්. ජිමින් තොල හපාගෙන එලියට පනින්න ගියපු හිනාව පාලනය කරන් බලන් හිටියේ එයාගේ මිසෝ නූනගේ හුරතලේ දිහා. කොල්ලට එක මොහොතකට හිතුනා ඒ රෝස පාට කම්මුල් දෙක ආදරෙන් සිපගන්න.


'ඊලගට අපි බලමු කවුද අපේ කඩවසම් ප්‍රින්ස් චාර්මින් කියලා..'

ආචාර්ය තුමිය පිරිමි ළමයි හැමෝම දිහා බලන ගමන් හිනාවෙවී කිව්වා.

නමුත් මිසෝ නැවත වරක් නොසන්සුන් වුනා. කෙල්ල හොදින් මුල සිට අග වෙනකම් දැනගෙන හිටියා බැලේ නර්ථනය කියන්නේ මොකක්ද කියලා. ඒවගේම තමන්ට ලැබෙන සහයකයා මොන වගේ කෙනෙක් වෙයිද කියලා කෙල්ල බය වුනා. මොකද එයා දැනන් හිටියා තමන්ට ලැබෙන සහයකයාට තමන්ව අල්ලන්න දෙන්න වනවග.


කොල්ලගේ හිතට ප්‍රශ්නාර්ථයක් එක් වුනේ තාමත් ඇයි කෙල්ල කලබලෙන් ඉන්නේ කියලා. ඒ නිසා වටේ පිටේ වෙන කිසිම දෙයක් කොල්ලගේ අවදානයට ලක් වුනේ නැහැ.

'පාක් ජිමින්.. පාක්.. ජිමින්.. ජිමින්!!'

මිස් ග්‍රේස්, ජිමින් දිහා බලාගෙන හිටියේ තමන්ගේ උපැස් යුවල පිහදාලා දාගන්න ගමන්. ඒත් කොල්ලා කෙල්ල දිහා බලාගෙන හිටියේ භාවනා කරනවා වගේ.


මිසෝ, ජිමින් දිහා බැලුවේ ඉහවහා යන සතුටින්. කෙල්ල දැන් දන්නවා එයාට ලැබුණු සහයකයා කවුද කියලා. ඒ එයා ආසම කම්මුල් දෙක තියෙන කියුට් කොල්ලා කියලා.

'සීකර්.. සීකර්.. සී'

'ඔව් කියන්න..'

ජීමින් එයාගේ පිටිපස්සේ ඉදන් එයාට කතා කරන පිරිමි ළමයට අවදානය දුන්නේ මනෝ ලෝකෙන් එකපාරටම බැහැලා.

'ඔයා තමයි ප්‍රින්ස් චාර්මින්'

'මෝ.... මේ මම.. '


#Tobecontinued

NOONA  | PJM ✔Where stories live. Discover now