27. Help me.. I can!

439 136 28
                                    


යුන්ගි, මිසෝවයි ජන්ග්කුක්වයි, සෝහයි හෝසොක් වයි ගෙදර යැව්වේ එයාලට දැනටමත් උදේ ඉදලා හොස්පිට්ල් එකේ ඉදලා හොදටම මහන්සියි කියලා තේරුණු හින්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි, මිසෝවයි ජන්ග්කුක්වයි, සෝහයි හෝසොක් වයි ගෙදර යැව්වේ එයාලට දැනටමත් උදේ ඉදලා හොස්පිට්ල් එකේ ඉදලා හොදටම මහන්සියි කියලා තේරුණු හින්දා. කොල්ලා ජිමින්ගේ තනියට ජිමින් එක්ක ඉන්න තීරණය කලා.


කොල්ලා ජිමින්ගේ බෙඩ් එක උඩ ඔලුව තියාගෙන ඉද්දි කොල්ලටත් නොදැනිම නින්ද ගිහින් ආයිත් ඇහැරුනේ ජිමින්ගේ කෙදිරිලි හඩට.

'ජිමිනා.. ආහ්.. උබ නැගිට්ටද? මේ වතුර එක බීලා ඉන්න ඉස්සෙල්ලම..'


කොල්ලා ජිමින්ට කෙලින් වෙන්න උදව් කරලා කොල්ලට වතුර එකක් ගෙනල්ලා දුන්නේ ජිමින් නිදිමතෙන් මිදෙන්න උත්සහ කරද්දියි.

'මට තව කොච්චර කල් ඉන්න වෙයිද බන්.. දැනටමත් එපා වෙලා තියෙන්නේ ඕයි එක තැන ඉදලා..'


ජිමින් යුන්ගිට කියනකොට කොල්ලා මුහුණ බිමට හරවගත්තේ කොල්ලගේ මුහුණේ පැහැදිලි වෙනසක් ජිමින් දකිනකොට.

'මොකද උබ මේ අවුල් ගිහිල්ලා.. ආශ් උබලා දෙන්න ආයිත් මරාගත්තද ආ.. කපල් එකක් උනාම ටොප් බොටම් වලට මරාගන්න හොද නැහැ දරුවා..සමගියෙන් කරගන්න ඕනෙනේ ඒවා. එකෙක් එක දවසකට ටොප් වෙයන් අනික් එකා අනික් දවසේ වෙයන්.. තරහ වෙන්න ඕන දෙයක්ද ඕයි ඕක!'


යුන්ගිට එකපාරටම සිහින් හිනාවක් යනකොට කොල්ලා ජිමින්ගේ සිනාමුසු මුහුණ දිහා බැලුවේ ආයිත් මුහුණේ හිනාව මැකිලා යනකොට. කොල්ලට හිතුනේ එක දෙයයි. ජිමින් මේ මොහොතේ වුනත් පාර්ථනා කලේ තමන්ගේ සතුට නෙමෙයි. අනිත් අයගේ සතුට විතරමයි. 

එහෙම හදවතක් තියෙන ජිමින්ගේ සතුට ඒ දේ කියලා තමන් නැති කරන්නේ කොහොමද කියලා යුන්ගිට හිතා ගන්න බැරි වුනා.

NOONA  | PJM ✔Where stories live. Discover now