ඉරත් බැස යන සුයාමෙක
පැරණි ගල්කණු බලා නෙක
තවම සැරිසරනවා මගෙ හිත
හද්ද පිටිසර අතීතෙක..කාලයේ දූලියෙන් යටවුණු
ඉසුරුමුණියකි කැබලි විසිරුණු
පෙම් පුරාණෙක රහස් කොදුරන
සෙල්ලිපිත් ඇත අකුරු බොඳ වුණු..නිලට උතුරපු පොකුණු වල මෙහි
පුරඟනුන් දිය කෙළින්නට ඇති
දුහුල් සලු විනිවිදින දඟ යුග
අනඟ නෙතු මත් කරන්නට ඇති..තිබුණ දවසට නුවර සැණකෙළි
ගජිඳ මාවත සැරිසරන්නැති
නුඹ වගේ තව රජ බිසෝවරු
දස්කොන්ලා මෙහි තනි කරන්නැති..වැඩී වල් ඒ වීදි වහගෙන
කැඩී වැටුණද තැනූ මන්දිර
පවන කොඳුරයි කනට කර මගෙ
පෙම් පුරාණෙක නිහඬ රාවය..
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
![](https://img.wattpad.com/cover/303273762-288-k922846.jpg)