මග්දලේනා නුඹද
ඇණ ගැසූ ප්‍රේමයේ
බර දරා හිනැහුණු
වයින් බඳුනක
ලෙයක් පිටුපස
කිණිස්සක් ඇත සැඟවුණු..කල්පාන්තර පෙමක
ජූජකට බිලි වුණු
මන්ද්‍රි දේවී නුඹද
පාරමී මාවතේ
බෝසතුට ගිලිහුණු..ප්‍රේමයේ සීතලම අලු යට
ගිනි පුපුරටත් ඇවිලුණු
ආත්මාර්ථය පිරුණු තනුවක
බමර තත සිඳලූ පසු
කවිය නුඹමද නොගැයුණු..සැන්තපී පරපුරක
කඳුලු ගංගා වැගිරුණු
කාකපාදෙක දර්ශනය ලඟ
රෝසමල් පෙති පරවුණු
සල් මලකි ඈ බුදු වුණු..