32. අනේ ඒ කිවිඳිය.. නාන කාමරේ ගිලී මිය ගොස් සිටියදී හමු විය..

86 13 2
                                    

කොට බිත්තියෙන් නිරුවත් පපුව වසාගෙන
ඇස් එලියට දානවා මං
සමනල්ලු නටනවා සොබාවට
හුළං රැලි කනට කර
මුමුණන ආල කතාවට
කොහෙං එනවද වචන
මේ තරං ආදරෙන් හිනාවෙන..

ආදරෙයි නෑවෙ මං
නෙවෙයි ඒ වතුර
කෝ යකෝ ආදරේ
වතුර විතරයි කොලඹ

වම් තනේ තෙමාගෙන
ප්‍රේමයම පල්ලම් බහින තප්පර
දිය වෙච්ච හදවතෙන්
පෙඟෙව්වද නියුරෝන කොච්චර
අඩි හයේ බිත්තියේ
දිලිසුනත් දියබිඳිති කප්පර
මුකුත් ලියවෙන්නෙ කොහොමද
වචන දැන් මා එක්ක
කතාවක් නෑ එච්චර..

වම් තනේ තෙමාගෙන ප්‍රේමයම පල්ලම් බහින තප්පරදිය වෙච්ච හදවතෙන්පෙඟෙව්වද නියුරෝන කොච්චර අඩි හයේ බිත්තියේදිලිසුනත් දියබිඳිති කප්පරමුකුත් ලියවෙන්නෙ කොහොමදවචන දැන් මා එක්ක කතාවක් නෑ එච්චර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now