𖦹Who is the best?𖦹

281 86 23
                                    

ජන්ග්කුක් ජිමින් එක්ක කොරියා ආවට පස්සෙ කරපු පලවෙනිම වැඩේ තමයි එයාලගේ මැරේජ් එක ගත්ත එක.
එයාලගෙ යාලුවො හැමෝම වගේම මිසිස් ජොනුත් විවාහයට සම්බන්ද උනේ කිසි පැකිලීමක් නැතුව.එයා කරපු හැම දේටම ජිමින්ගෙන් සමාව ගත්තත් ජන්ග්කුක් නම් සමාව දෙන පාටක් නෑ.

||Two month after the wedding||

-phone ring-

" ජන්ග්කුක් කොහෙද ඉන්නෙ?" ජන්ග්කුක් කෝල් එක ආන්සර් කරපු ගමන්ම ජිම්න් අහපු විදිහට තේරුනා ජිමින් ඉන්නෙ තරහෙන් කියලා.ඇයි ඉතින් අද ජිමින් කලින් එන්න කියලත් ජන්ග්කුක් තාම ඔෆිස් එකේ.

" මිනී මේකයි.-"

" මං ඇහුවෙ කොහෙද ඉන්නෙ කියලා විතරයි"

" වැදගත් වැඩ වගයක් මිනී.....මම පුලුවන් ඉක්මනට එන්නම්"

" එන්න එපා ඔෆිස් එකටම වෙලා ඉන්නවා.....මං දන්නවා...ඔයාට මාව එපා වෙලා" ජිමින් අඩ අඩම කෝල් එක කට් කලාම ජන්ග්කුක් නලල පිරිමදින ගමන් එයාට ඉස්සරහා ඉදගෙන ඉන්න තේහ්‍යුන් දිහා බැලුවා.තේහ්‍යුන් කින්ඩියට හිනා වෙනවා.

" මං උබට මැරි කරන්න කලින් කිව්වා ඔය වගේ දේවල් වලට ලෑස්ති වෙලා ඉදපන් කියලා" තේහ්‍යුන් හිනා වෙවී කිව්වා.

" ටේ.....උබට පුලුවන්ද මේ ටික බලාගන්න"

" ඒ කියන්නෙ උබ මාව අදත් කවුච් එකේ නිදි කරවන්නනෙ හදන්නෙ?"

" උබ හරි කවුච් එකේ නිදියනවා.මම දැන් නොගියොත් රූම් එකෙනුත් එළියේ නිදාගන්න වෙයි"

" හා හා පලයන් මම මේව ටික ඉවර කරලා යන්නම්" තේහ්‍යුන් එහෙම කිව්ව ක්ශනික ජන්ග්කුක් ඔෆිස් රූම් එකෙන් එලියට දිව්වා.

" දැන් එලියට ගියේ කලින් හිටිය ජොන් ජන්ග්කුක්මද කියලා ශුවර් නැ මට.ජිමින්!! ඔයා මොකද්ද මගේ යාලුවට මේ කලේ?" ජන්ග්කුක් ගියාට පස්සෙ තමන්ටම එහෙම මුමුණගත්ත තේහ්‍යුන් ආයෙ ෆයිල් එකට අවදානෙ දුන්නා.

________________________________

" මිනී....."ජන්ග්කුක් හිමීට ලිවින්ග් රූම් එකට යනකොටත් ජිමින් ලිවින්ග් රූම් එකේ සෝෆ එකට වෙලා ඉදගෙන ඉන්නවා.ජන්ග්කුක් මහන්සි මූනකුත් හදාගෙන ගිහින් සෝෆා එකේ වාඩි වෙලා ජිමින්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now