𖦹MISTAKE𖦹

255 83 23
                                    

" සෝ......මේ බලන්න මේ රෝස පාට එක ලස්සනයි"  ජිමින් දැන් පැය ගාණක් තිස්සෙ මින්සෝට රෝස පාට ගවුම අන්දන්න ට්‍රයි කරත් කෙල්ල කලු පාට එකම අදින්න ඕනෙ කියනවා.

" ඒත් දැදා...ඒකට වඩා මේ කලු එක ලස්සනම මෙ බලන්න කලු පාට ලොකු මලකුත් තියෙනවා" මින්සෝ කලු පාට ගවුම තුරුලු කරගන්න ගමන් කිව්වා.

" සෝ දැන් හොදටම ඇති.මේක මලගෙයක් නෙවේ කලු අදින්න....අනික ඔයාට නාම්ජූන් අප්පගෙ වෙඩින් එක දවසට ලස්සනට ඉන්න ඕනෙ නැද්ද?"

" අයියෝ දැදා  මමත් කියන්නෙ ඒක තමයි කලු පාත එක ඕනෙ කියලා. ඒක තමයි මින්සෝට ලස්සනම."මින්සො ඔලුවෙ අතත් ගහලා අතත් දික් කර කර කියෝනවා.

කෙල්ල අහන්නෙම නැති පාටයි.

" ප්‍රින්සස්!!" දෙන්නගෙම කියවිල්ල නතර උනේ දොර ල්ගින් ඇහුන ගෑනු කෙන්කෙ කටහඩ නිසා.

" ජීසො ඔම්මා!!!" මින්සෝ දොර ළඟ හිටිය කෙනාව දැක්ක විතරයි ඇදෙන් පැනලා දිව්වෙ වැටෙයි කියලා ජිම්න් කෑ ගහද්දි.

" ජීසො ඔම්මා දැදාට කියන්න කලු පාට ගවුම තමයි සෝට ලස්සනම කියලා" කෙල්ල ජීසොගේ බෙල්ල බදාගෙන කිව්වෙ හෙනම පන්ඩිත විදිහට.

" ඔන්නි!! තාම රෙඩි උනේනැද්ද?" ජිමින් එහෙම අහන ගමන් මින්සෝව වඩාගන්න හැදුවට මින්සෝ ජීසොගෙ බෙල්ලෙ තව ටිකක් තදේට එල්ලුනා.

" ජිමින්.....මේ......මම ටිකක් විතර නර්වස්.... අනේ මන්දා" ජීසො බිම බලාගෙන කියද්දි ජිමින් හිනා උනා.
"මම ජුනීව දැන් අවුරුදු තුනක ඉදන් දන්නවා තමයි ඒත්..."

" ඉට්ස් ඕකෙ ඔන්නි....ඒක නෝමල්, බට් මයි හියුන්ග් ඊස් ද බෙස්ට් ඕකේ?.....යමු මම ඔයාව ලෑස්ති කරන්නම්" ජිමින් එහෙම කියලා ජීසොගේ රූම් එකට ගියේ ජිසො මින්සෝවත් වඩාගෙන ජිමින් පස්සෙන් එද්දි

පොඩි කෙල්ල ඒත් කලු පාට ගවුම නම් අතෑරියේ නෑ.

________________________________

නාම්ජීසො වෙඩින් එක තිබුනේ බීච් සයිඩ් එකක. හවස් වෙද්දි පාර්ටි එක පටන් ගත්ත නිසා ආරාදනා ලැබුන හැමෝම වගේ පාටි එකට ඇවිත් හිටියා.ඇවිත් හිටිය හැමෝම  ඉදගෙන එයාලගේ එක එක කතාවල.

One Question,𝙒𝙃𝙔?(Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ