𖦹 Memories 𖦹

627 98 39
                                    

" ජන්කුකා දැන් ඇති නවත්තපන්.." දැන් පැය ගාණක් බාර් එකේ ඉඳගෙන කෙලින් හිටගන්නවත් පණක් නැති ජන්ග්කුක්ව ගෙදර එක්ක යන්න තේහ්‍යුන් මාර ගේමක් දෙන්නෙ. අවුරුදු හතරක් තිස්සෙ තමන්ගේ යාලුව විදින දුක බලන් ඉන්න තේහ්‍යුන්ට තවත් බැරි උනා

" උබ මතක තියාගනින් උබ එනකන් ගෙදර කෙනෙක් බලන් ඉන්නවා කියලා"

" හහ්..." තේහ්‍යුන් කියපු එක ගනන් නොගෙන ජන්ග්කුක් ආයෙත් විස්කි වීදුරුව පුරවගත්තෙ ඇස් දෙකත් අඩවන් කරගෙන.

- glass broken sound -

" වට්ද ෆක් කිම් තේහ්‍යුන්......" ජන්ග්කුක් නැගිට්ට ගමන් තේහ්‍යුනගෙ කොලර් එකෙන් අල්ලගත්තා.තේහ්‍යුන් ඒත් ජන්ග්කුක් දිහාම බල්න් හිටියේ කිසි වෙනසක් නැතුව.

" ස්..සොරි.මම එහෙම කරන්න හිතුවේ නෑ..." ජන්ග්කුක් තේහ්‍යුනගෙ කොලර් එක අතෑරලා ආයෙ සෝෆා එකේ වාඩි උනේ ඔලුව අත් දෙකෙන් බදාගෙන.

" දැන් වත් වරෙන් යන්න.......අර කොල්ල පවු......උබ එනකන් බලන් ඉන්නෙ...."

" ඇයි?.....ඇයි එයා මාව දාලා ගියේ ටේ......කියපන් මට මගේ මොකද්ද අඩු? අම්ම කියනවා වගේ එයාට මට වඩා වෙන කෙනෙක් හොද උනාද?මං එයාට ආදරේ කලා මදිද?නෑ නෑ....ඔන්න බලපන් මගේ එයා මගේ ලගට ආයේ එයි." ජන්ග්කුක් එක පාරමට නැගිටලා පිස්සුවෙන් වගේ ඇහුවේ මත් වෙලා තිබ්බ ඇස් වල කදුලුත් පුරවගෙන.

" ජන්ග්කුක්!!  ජිමින් ගියා.....එයා ආයේ උබේ ජීවිතේට එන්නෙ නෑ.එයා සතුටින් ඇති කොහෙ හරි.පිස්සු නොකර වරෙන් යන්න" තේහ්‍යුන් කෑගහලා තරහෙන් ජන්ග්කුක්වත් ඇදගෙන ගියේ තමන්ගේ යාලුවා පිස්සෙක් වගේ හැසිරෙනවා බලන් ඉන්න බැරි තැන.

' ජිමින්.....ඇයි?....ඇයි එහෙම කලේ??' තේහ්‍යුන් දත් මිටි කන ගමන් ජන්ග්කුක්ගෙ සීට් බෙල්ට් එකත් දාලා ජන්ග්කුක්ගෙ ගෙදරට වාහනේ ඩ්‍රයිව් කලා.
_______________________________________

ජොන් මන්දිරය ඉස්සරහෙන් වාහනේ නතර කරපු තේහ්‍යුන් ජන්ග්කුක්ව එයාගෙ රූම් එකට අරන් ගිහින් ඇදෙන් තිබ්බෙ ඒ වෙනකොටත් ජන්ග්කුට නින්ද යන්න පටන් අරන් තිබ්බ නිසා. ජන්ග්කුක්ගෙ බ්ලෙසර් එකත් ගලවලා, සපත්තු දෙකත් ගලවලා පැත්තකින් තිබ්බ තේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලලා සුසුමක් හෙලලා රූම් එකෙන් එළියට යද්දි දැක්කෙ මෙච්චර වෙලා මේ හැම දේම බලන් ඉදලා තේහ්‍යුන් හැරෙනවත් එක්කම හොර වැඩක් කරනවා වගේ දොර පිටිපස්සෙ හැන්ගුන පුංචි කොල්ලව.

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now