𖦹Minsoo𖦹

243 89 7
                                    

ජන්ග්කුක් පොඩි කොල්ලව වඩාගෙන ශොපින් මෝල් එක ඇතුලට ගියේ නිදහස් මනසකින් මොකද කාලෙකට පස්සෙ එයාගෙ හිතට නිදහසක් දැනුනේ......

මින්ජු නම් එයාගෙ අප්පා එක්ක ගොඩක් සතුටින් වගේ....ජන්ග්කුකුත් පොඩි කොල්ලා පෙන්නන පෙන්නන හැම දේම පැක් කරන්න කිව්වෙ දෙසැරයක් හිතන්නෙ නැතුව. මොකද එයා දැන් මින්ජුගේ හිනාවට ලෝබයෙක් වෙල ඉවරයි...මින්ජුව ජන්ග්කුක්ට පෙනුණේ එයා ලෝකෙම වගේ....ඔව් දැන් ජන්ග්කුක්ගෙ මුලු ලෝකෙම උනේ මින්ජු..

" අප්පා  අපි ගත්ත ඒවට පේ කරන්නෙ නැද්ද?" මින්ජු එයාගෙ අලුත් ප්ලූශි එකත් බදාගෙන කිව්ව විදිහට ජන්ග්කුක් හිනා උනා.අහිංසක පුංචි කොල්ලා දන්නෙ නෑ මේ ශොපින් ක්ම්ප්ලෙක්ස් එකේ අනාගත අයිතිකාරයා එයා කියලවත්.

" අපි පේ කරන්න ඕනෙ නෑ චෑම්ප්....මොකද මේක අපේ"

" අපේ?? එතකොට අප්පද මේක බලාදන්නෙ?" පොඩි කොල්ලා ඇස් දෙකත් ලොකු කර කර අහන ප්‍රස්න වලට ජන්ග්කුක්ට හිනා ගියේ කොල්ලගෙ අහිංසක කමට.

" නෑ චෑම්ප්.....ඔයා තව ලොකු උනාම ඒව  දැනගනී"

" ඒත් අප්පා අපි පේ කරමු.......නැත්තං අප්පට පාඩු වෙයි...."

" පණ්ඩිතක කොල්ලා" ජන්ග්කුක් එහෙම කියන ගමන් මින්ජුගේ කම්මුල කිස් කරද්දි ජන්ග්කුක්ට  මතක් උනේ ජිමින්ව .

________________________________

" ජන්ග්කුක්!! මේ මොකද්ද මේ....මට බෑ මේක ගන්න. මේක ගනන් වැඩී......"

ජිමින් ජන්ග්කුක් දීපු ඇදුම ආයෙ ජන්ග්කුක්ටම දෙන ගමන් කිව්වෙ ගන්නෙ නෑමයි කියන තනි තීරනෙන්

" ඇයි? ඇයි ගන්න බැරි? මමනේ අරන් දෙන්නෙ ඔයා ගන්නම ඕනෙ."

" බෑ" ජිමින් අත් දෙක පපුව හරහා බැදගෙන අනිත් පැත්ත බලාගත්තා.

" එක්ස්කියුස්මී......මේ ඔක්කොම පැක් කරලා මගේ කාර් එකෙන් තියන්න" ජන්ග්කුක් ජිමින්ව ගනන් ගන්නෙ නැතුව එතන හිටිය සේල්ස්ගර්ල්ට කිව්වේ ජිමින් ආයෙත් ජන්ග්කුක්ට රවලා අනිත් පැත්ත බලාගනිද්දි.

" එනවා යන්න......" ජන්ග්කුක් ජිමින්වත් ඇදගෙන එළියට යන්න හදද්දි ජිමින් ජන්ග්කුක්ගෙන්  අත ඇදල ගත්තා.

One Question,𝙒𝙃𝙔?(Completed)Onde histórias criam vida. Descubra agora