𖦹Talking about marrage𖦹

242 86 20
                                    

"හෙලෝ!

" හෙලෝ ජිමින්! ඔයාලා තාම පාක් එකේද? මම එහෙනම් ඇතුලට එන්නද? නැත්තන් ඔයාල එනවද?"
ජිමින් ෆෝන් එක ආන්සර් කරපු ගමන් නාම්ජූන් කියවගෙන ගියේ හිනා වෙවී.

එයාට එයාගෙ චූටි කෙල්ලව නොදැක ඉන්න බැහැ වගේ.

" හි....හියුන්ග් .....සෝ......."

ඒත් ජිමින්ගේ බිඳුණු කටහඩ ඇහෙද්දි නාම්ජූන්ගේ ඒ හිනාව නැති වෙන්න තත්පරයක්වත් ගියේ නෑ.

" ජිමින්.....ඔයා හොදින්ද? ඇයි..සෝ..සෝට මොකද උනේ? ඔහොම්මම ඉන්න මම ඉක්මනට එනවා"

ජිමින් ඒත් එක්කම බිම ඉන්දවුනේ නිරායාසයෙන්.

මට මගේ දරුවව පරිස්සම් කරන්නවත් බෑ

" ජිමින්.......ජිමින්.....මොකද උනේ? ඇයි මේ කොහෙද සෝ?"නාම්ජූන් ජිමින් ලගට ආව ගමන් ජිමින් ලගින් දනගහගත්තේ ජිමින් හොදටම අඩනවා දකිද්දි.

" හියුන්ග්.......මට සමාවෙන්න......මම ......මට සෝව බලාගන්න බැරි උනා." නාම්ජූන් ජිමින්ගේ උරහිස් දෙකෙන් අල්ලගත්තම ජිමින් නාම්ජූන්ගේ පපුවේ මූන් තියාගෙන හයියෙන් එයාටම බැන බැන අඩන්න පටන් ගත්තා.

" ජිමින්....මේ බලන්න...හරි. දැන් ඔක්කොම හරි කෝ අඩන්න එපා සෝ මේ ළඟ ඇති අපි සෝව හොයා ගමු ඉක්මනටම" නාම්ජූන් ජිමින්ව ඈත් කරල කියද්දි ජිමින් අඩ අඩම ඔලුව හෙල්ලුවා.

" නෑ හියුන්ග් මම හැම තැනම බැලුවා."

" අපි පොලීසියට කියමු එන්න යන්න"
නම්ජූන් ජිමින්ගේ අතින් අදිද්දී දෙන්නම ආයෙ නතර උනේ ජිමින්ගේ ෆෝන් එකට ආයේ කෝල් එකක් ආව නිසා. ජිමින් ඉක්මනට ෆෝන් එක ආන්සර් කලා

" හෙලො"

"හෙලෝ ජිමින් ගොඩ කාලෙකින්"

" ක......කාවුද මේ?"

" ඇයි අදුරගන්න බැරිද?"

" ඔයා?? ඔයා මොකටද මට කෝල් කරන්නෙ?"

" ඕ කමෝන් ජිමින්.ඔයාගෙ මේ පොඩි කෙල්ල දැන් ඉන්නෙ මගේ ලග.ඔයාට ඔයගෙ ලමයව ඕනෙ නම් මං කියන විදිහට වැඩ කරනවා"

" හරි.....හරි මම ඔයා කියන ඕන දෙයක් කරන්නම් හැබැයි ප්ලීස් මගේ සෝව ආපහු මට දෙන්න.....මම ආයෙ මෙහේ එන්නෙ නෑ.....ඔයාලගෙන් ගොඩක් ඈතට යන්නම්. මගේ සෝව මගෙන් ඈත් කරන්න එපා ප්ලීස්"

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now