𖦹Moving on𖦹

300 87 37
                                    

" ජන්ග්කුකා.....ඔන්න ඕක කියලා දාපන්......ජිමින් උබට කැමතී කියලා උබම දන්නවනේ.......ඉතින් මොකද්ද මේ කරන විකාරේ" යුන්ගි ඇහුවේ ලෙක්චර් හෝල් එක පිටිපස්සෙම ඉඳගෙන ජිමින් දිහා බලන් ඉන්න ජන්ග්කුක්ගෙන්.යුන්ගිටනම් මේක එපා වෙලා තිබ්බෙ මොකද එයාල කවදාවත් ලෙක්චර් වලට එන මිනිස්සු නෙවේනෙ.ඒත් ජන්ග්කුක් ජිමින්ව දැක්ක දවසේ ඉඳන් යාලුවගේ ප්‍රේමයට කටු කනවා කියලා එයාලටත් එන්න උනා.
" උබේ ඔය ego එක හින්ද ඔන්න බලපන් දවසක ජිමින්ව වෙන කවුරු හරි අරන් යනකන් උබට බලන් ඉන්න වෙන්නෙ." යුන්ගි එහෙමකියලා ඩෙස් එකට ඔලුව ගහගත්තෙ නිදාගන්න හිතාගෙන.

" ඔව් ඔව්......මමත් දැක්කා දැන් දවස් දෙක තුනක්ම ජිමින් අර සීනියර් ක්ලාස් එකේ කොල්ලෙක් එක්ක කතා කරනවා.." එහා පැත්තේ හිටිය කෙල්ල එක්ක ලොකු කතාවක හිටිය හොබීත් එක පාරට කිව්වෙ යාලුවගේ ප්‍රේමය ගැන කෝකටත් දැනුවත් කරන එක හොඳයි කියලා.

" බලන් ඉදපන් ජිමින් මගේ විතරයි. ඒකත් එයාම මට ඇවිත් කියයි."කට කොනෙන් හිනා වුන ජන්ග්කුක් එහෙම කියන ගමන් එයාගෙ බෑග් එක අරන්  නැගිට්ටෙ ෆුට්බෝල් ප්‍රැක්ටිස් වලට යන්න.මොකද ජිමින් ෆුට් බෝල් වලට ආසයි. ඉතින් එයාටත් ෆුට් බෝල් ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕන උනා.
"එහෙනම් ගායිස් හවසට හම්බෙමු"

කවුරුත් මොකුත් කියන්න කලින්ම ජන්ග්කුක් හෝල් එකෙන් පැන ගත්තේ ජිමින් දිහා බලන්නෙවත් නැතුව. ඒත් ජිමින් නම් ජන්ග්කුක් දිහා බලාගෙනමයි හිටියේ.

ජන්ග්කුක් ගිහින් පැය බාගෙකට විතර පස්සෙත් ප්‍රොෆෙසර් ආවෙ නැති නිසා ජිමින් බෑග් එක අරගෙන නැගිට්ටා.

" සූබින්......මම යනවා...."  ජිමිනුත් බෑග් එක අරගෙන ගියේ ෆුට්බෝල් ප්‍රැක්ටිස් බලන්න.

" කොහෙද යන්නෙ??"

" ප්‍රැක්ටිස් බලන්න" ජිමින් කෑගහගෙනම එළියට ගියා.

" ෆුට්බෝල් වලට ආසයි කියලා ප්‍රැක්ටිස් බලන්නත් යන්නම ඕනෙද ? කෙලින්ම මැච් එකක් බැලුවනම් ඉවරනේ" සූබින් තමන්ටම එහෙම මුමුනගෙන එයාගෙ බෝතල් අඩි කණ්නාඩි දෙකත් නහයට හිර කරගෙන ආයෙ පොත අස්සෙ මූන ඔබා ගත්තා.

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now