𖦹Minju𖦹

245 85 14
                                    

"දැදා!! සෝ ආයේ දැදාට කියන්නෙ නැතුව කොහෙවත් යන්නෙ නෑ ප්‍රොමිස්. සෝ එක්ක කතා කරන්නකො" පුංචි කෙල්ල ජිමින්ගෙ අතේ එල්ලි එල්ලි කතා කලත් ජිමින් නපුරු විදිහට අනිත් පැත්ත බලාගත්තා.

"අප්පා....දැදාට කියන්න සෝ එක්ක කතා කරන්න කියලා!!" ජිමිනුයි මින්සෝයි  කතා කරකර ඉන්න තැනට ආව නාම්ජූන් ලගට දිව්ව මින්සෝ එහෙම කියද්දි නාම්ජූන් මින්සොව වඩා ගත්තා.

" දැදා!! අපෙ සෝ බබා එක්ක කතා කරන්න!!"නාම්ජූන් පොඩි ලමයෙක්ව බය කරනවා වගේ එහෙම කිව්වම ජිමින් ඒ දෙන්නා දිහාම රවලා බැලුවා.

" පේන විදිහට දැදා බය වෙන්නෙ නෑ වගේ" ජිමින්ගේ රැවිල්ල හින්දා කටෙන් ඉන්ඩෙක්ස් ෆින්ගර් එක තියාගත්ත නාම්ජූන් මින්සෝගෙ කනට ලං වෙලා ඇහුවම කෙල්ල giggling විදිහට හිනා උනා.

" හියුන්ග්......ඔයා තමයි මෙයාව හුරතල් කරන්නෙ. මේ කෙල්ල එන්න එන්න මුරණ්ඩු වෙනවා." ජිමින් එහෙම කියලා බිම බලාගත්තා" හරියට එයාගෙ අප්පා වගේ" ජිමින් ඒක ඇහෙන නෑහෙන ගානට කිව්වත් නාම්ජූන්ට ඒක ඇහුණා.

" අප්පා වගේ නැතුව වෙන කවුරු වගේ වෙන්නද? නේද සෝ?"

"අප්පා ඔයත් මුරණ්ඩුයිද?" පොඩි කෙල්ල නාම්ජූන්ගෙන් රහසක් අහනවා වගේ ඇහුවම නාම්ජූන් එයාගෙ ඩිම්පල් එක පේන විදිහට හිනා උනා.

" ම්ම්ම්....දැන් අපේ සෝ කෑම කෑවොත් අප්පා සෝට ලස්සන කතන්දරයක් කියලා දෙනවා....."

" ඉතින් දැදා තරහා වෙලානෙ කවුද මත කවන්නෙ?"

" මෙහේ එනවා පණ්ඩිත කෙල්ල" ජිමින් හිනා වෙවී මින්සෝව නාම්ජූන්ගෙන් ගත්තේ දැන් ඕක පිටින් දාලා කෙල්ල නොකා ඉන්න හදන්නෙ කියලා තේරුන නිසා මොකද මින්සෝ කන්නෙ ජිමින් කැව්වොත් විතරයි.

ජිමින් සෝත් එක්ක ගිහින් ඩයනින් ටේබල් එකෙන් වාඩි උනාම නාම්ජූනුත් ඒත් එක්කම ඇවිත් වාඩි උනා.

" අප්පා!! ඔයා එදා කියන්නම් කිව්ව ප්‍රින්ස්ගෙ කතාව කිව්වෙ නෑනෙ මත" සෝ ආයෙත් කියවන්න පටන් ගත්තා.

" දැන් බබා කෑම ඔක්කොම කෑවොත් අප්පා ඔයාට ලස්සන ප්‍රින්ස්ගෙ කතාව කියනවා"

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now