🔞CHAPTER 27🚬

1K 120 35
                                    

Smut Warning⚠️ Minors do not read the smut part. For those who doesn'tlike smut parts, skip it. Others read at ur own risk.⚠️

______________________________________

"Heeseung!! මෙහේ!!" Heeseung බන්ධනාගාරයෙන් එළියට එනතුරු Yeonjun බන්ධනාගාරයේ සුවිසල් දොර ඉදිරිපිට සිටගෙන සිටියේය. ඒ Heeseungව නිදහස් කළ දිනයයි. Heeseung පිටතට එනු දුටු Yeonjun ඔහුට අත වැනුවේය.

"Yeonjun hyung!!" Heeseung දුවගෙන විත් Yeonjun ව බදා ගත්තේය. Heeseung ගේ බඳ වටා අත් යවමින් ඔහුව තවත් ළඟට ගත් Yeonjun ඔහුගේ බෙල්ල මතින් සිනිදු ආදරණීය හාදුවක් තැබුවේය.

මාස හයක් වෙන් ව සිටි ඔවුන් නැවත එක් වීම නිසා ඔවුන් දෙදෙනාගේ ම දෑසින් සතුටු කඳුළු වැගිරෙනු නැවැත්වීමට ඔවුන්ට නොහැකි විය. ඒවාට නිදහසේ ගලා යන්නට ඔවුන් ඉඩ හැරියේ ඒවා සමඟ ම මෙතෙක් ඔවුන් මුහුණ දුන් කටුක කාලය සේදී යන්නට මෙනි.

"ගෙදර යන ගමන් Ramyeon අරගෙන යමු" Yeonjun වාහනය පදවන අතරේ කීවේය.

"ආනේ නියමයි නේ!! මන් Ramyeon වලට ආසයි!!" Heeseung ඒ වාක්‍ය තාලයට කිව්වේ ය. පොඩි එකෙක් මෙන් වාහනය පුරා දඟලන Heeseung දෙස බලා Yeonjun සිනා සුනේය.
.
.
.

"Yoongi!!! මන් දැන් එක පාරක් කිව්වා නේද ඔයාගේ ගිටාර් එක සාලෙන් අරන් යන්න කියලා!! බලන්න ඔයාගේ ඇඳුම් තැන් තැන් වල. මේ දැන් ම මේවා අස් කරනවා!! ආයේ මට කියන්න තියන්න එපා පූස් නට්ටෝ!!"

කොහෙන්ද මේ උදේ පාන්දර ම පළාත ම දෙදරවන කුංචනාදය එන්නේ? වෙන කොහෙන්ද Yoonmin නිවසෙන් මිසක්. ඔවුන් දෙදෙනා එක නිවසක පදිංචියට ආ දින සිට අහළ පහළ වෙසෙන්නන් ගේ කන් වලට නම් නිවනක් නොතිබුණි.

"Mochi පැටියෝ අම්මෝ ඔන්න ඔයාගේ ඇඟෙන් දුම් දානවා!!" Yoongi සිනාසෙමින් කීවේය.

"Yoongi!! ජීවත් වෙන්න ආසාවක් තියනවද ආ!!"

Jiminට Yoongiගේ විහිළුව නිසා තවත් තරහ වැඩි විය. ඔහු Yoongi ට පහරක් ගැසීමට ඔහු පස්සෙන් පැන්නුවේය. පිටතින් දකින අයෙකුට මේ අල්ලන සෙල්ලම පෙනුනේ තාරාවෙක් පූසෙකුගේ පස්සෙන් පන්නන අති දුර්ලභ අවස්ථාවක් ලෙස.

අවසානයේ කෙසේ හෝ තාරාවා ජය ගත්තේය. Jimin Yoongiගේ ටී ෂර්ට් එකේ පිටුපසින් ඇද ඔහුව තමා වෙතට ඇද්දේය. ඒ හදිසි ප්‍රහාරයෙන් සමබරතාව ගිලිහුණු Yoongi ඒ අසළම තිබූ Sofa එක මතට ඇද වැටුණේ Jiminවත් ඇදගෙන මයි. Jimin Yoongiගේ පපුව මත ඇදගෙන වැටුණේය.
ඔහුගේ සහ Yoongi ගේ මුහුණු තිබුණේ එකිනෙක ගෑවී නොගෑවී මෙනි. ඔවුනොවුන්ගේ හුස්ම එකිනෙකාගේ මුහුණේ වදින තරමට ඔවුන්ගේ මුහුණු ළං වී තිබුණි.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now