CHAPTER 22🚬

527 118 32
                                    

Taehyung Jungkook ගේ සුව දුක් බැලීමට සෑම උදයකම සුප් එකක් වැනි ආහාරයක් පිළියෙල කරගෙන රෝහල වෙත ගියේය. ඒ වනවිට Jungkook හට බොහෝ සෙයින් හොඳ වී තිබුණද තවමත් බඩ හරියෙන් නිතර නිතර දැනෙන පහව නොගිය වේදනාව ඇරෙන්නට වෙන යම් අබාධයක් ඔහුට නොතිබිණ. Taehyung Jungkook දෙදෙනා තම සම්බන්ධෙට විරාමයක් තැබුවද ඔවුන්ගේ ආදරයට විරාම වැටී නොතිබිණ.

"කෝ එන්න ඔයාගේ ඇඳුම මාරු කරන්න" Taehyung Jungkook ට ඇඳුම මාරු කරන්නට උදව් කළේය.

"ආව් Taehyung රිදෙනවා!!"

"ආ සොරි සොරි"

විරාමය ඔවුන්ට තම ආදරය තවත් තේරුම් ගැනීමට උපකාර කළා මිසක ඔවුන්ගේ ආදරයේ කිසි වෙනසක් ඇති නොවීය. ඔවුන්ගේ හදවතේ එකිනෙකා ගැන තිබූ ආදරය තේරුම් ගැනීමට ඔවුන්ට ඒ විරාමය උපකාර කළේය. ගතින් දුරස්ථ භාවයක් රැකියද හදවතින් මිලිමීටරයක් තබා නැනෝ මීටරයක් වත් ඈතට යා නොහැකි වූ ඒ දෙදෙනා එකිනෙකා ගැන සොයා බැලුවේය. ආදරය යනු සිප ගැනීම්, වැළඳ ගැනීම්, එකතු වීම් පමණක් ම නොව එකිනෙකාව තේරුම් ගැනීම, ඔවුන්ගේ සෑම දුකකදීම සතුටකදීම ළඟින් සිටීමට කියා ඔවුන් වටහා ගත්තේය.

රෝගය නිසා අහිමි වන ජීවිත ප්‍රමාණය අඩු කරගැනීමට තම එකම සහ හොඳම මිතුරාගේ ඇස් මානයේ සිටීමට ඔහුගේ ආයතනයට නීතීඥයකු ලෙස කටයුතු කරන්නට ගිය Jungkook හට ඉදිරිපස කැබින් එකෙන් තමාගේ සහකරුවා හමු වේවි යැයි ඔහු කිසිසේත්ම නොහිතුවේය. ඔහුටද හිමි වූ සහකරුවාද සාමාන්‍ය සහකරුවෙකු නොවීය. Jungkookට ඔහු අන් සැමටම වඩා ඉදිරියෙන් සිටි අයෙක් විය. කිමද යත් Taehyung තමන්ට ලබා දුන් ආදරය, ඔහුගේ බොහෝ දේවල් කියවෙන ගැඹුරු දෙනෙත Jungkookට සෑම විටකදීම සැනසීමක් ගෙන දුනි. වසර ගණනාවක් තිස්සේ ඔහුට ජිමින්ගේ යාලුකම සහ ආදරය ඇරෙන්නට වෙන කිසිවෙකු ගේ ආදරයක් හිමි ව නොතිබිණ. ඔහුගේ මව සහ පියා Jungkook යනුවෙන් දරුවෙක් ඔවුන් සිටියාද යන්න පවා අමතක කර තිබුණි. Jungkookට Jiminව මුණ ගැසුණේ අහම්බයෙන් පාසලේදී ය. එදා ගොඩනගාගත් ඒ මිත්‍රත්වය ඒ වන තෙක් ම නොවෙනස්ව ශක්තිමත් ව පැවතුණි.

"කුකී එහෙනම් මම යනවා..හෙට ගෙදර යන්න පුළුවන් කියලා doctor කිව්වා. පණ්ඩිත නොවී මන් එනකන් ඉන්න ඕනි තේරුණාද?" Taehyung අවසාන නිවේදනය නිකුත් කර Jungkookගේ නිවසට ගියේ ඔහු එන්නට පෙර නිවස අස් කර ඔහුට ජීවත් වීමට සුදුසු වටපිටාවක් සකස් කර තබන්නටයි.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now