CHAPTER 01🚬

2K 321 62
                                    

ඔහු නමින් Jeon Jungkook. තමන්ගේ එකම සහ හොඳම මිතුරා වූ Park Jimin සමඟ ඔහුගේ company  එකට ගියේ Jimin ගේ company එකේ ඔහුට රැකියාවක් ලැබුණ නිසා. Company එකේ legal දේවල් handle කරන එක තමයි එයාගේ රාජකාරිය වී තිබුණේ. Jeon Jungkook යනු තරමක වෙනස් ගතිගුණ තිබූ අයෙක් විය. ඔහුට යමෙක් නිසා තරහ ගියහොත් ඔහුගේ තරහව කිසිවෙකු පාලනය කල නොහැකිය. අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා Jungkook අතින් මරණයට හෝ මරණීය තුවාල ලබනවා නිසැකය. එහෙයින් ඔහු සමඟ අනෙක් මිනිසුන් වැඩ කලේ බොහෝ ප්‍රවේශමෙනි. Jimin ඔහුගේ යාළුවා වූවත් ඔහුටවත්  තරහ ගිය වෙලාවට Jungkookව පාලනය කල නොහැකිය. නමුත් Jiminට ඔහුව තරමක් මෙල්ල කල හැකිය. මෙවන් තත්වයකදී Jungkook නීතිඥයවරයෙක් වීම අතිශයෙන් ම භයානක විය. ඔහු සමඟ Argue කල අනෙක් පස නීතිඥවරුන්ගෙන් බොහොමයක් දෙනා එම නඩු වාරයෙන් පසු නැවත නිවෙස් කරා ගියේ නැත.
Jimin Jungkook ව තමන්ගේ company එකේ lawyer හැටියට පත් කරගත්තෙත්  Jungkook ගේ තරහව තරමක් හෝ පාලනය කිරීමේ අටියෙනි. ඔහුගේ ඒ වෑයම කොතෙක් දුරට සාර්ථක වේ දැයි නොදන්නේ වුවද අඩුම තරමින් Jungkook නිතරම තමා අසළ හෝ රැඳී සිටීවි කියා Jimin විශ්වාස කළේය.

ඒ විදිහට Jimin ගේ company එකට වැඩට එන Jungkook පලවෙනි දවසේ company එක ආවේ Jiminගේ පිටිපස්සෙන් වැටී ගෙන පොඩි එකෙක් ගානටය. තරහ ගියපු වේලාවන් වලට බොහෝ දරුණු වුවද අනෙක් අවස්ථාවන් වලදී ඔහු හැසිරුනේ පොඩි එකෙකු මෙනි. Jungkook Jiminගේ පිටුපසින් Jimin ගේ cabin එක වෙත ගියේ මුලින් ම company එකට පැමිණි විගස තම cabin එකට වැදී වැඩ ආරම්භ කිරීම සාම්ප්‍රදාය නොවන නිසා. Jimin සමඟින් ඔහුගේ cabin එක ළඟට ගිය Jungkook Jiminට පසු පසින් cabin එකට ඇතුලු වුණේය. නිකමට මෙන් පසුපස හැරී බැලූ Jungkook ට Jiminගේ cabin එකට ඉස්සරහින් තිබූ cabin එකේ සිටි යමෙක් ව නෙත ගැටිණ. Jungkookට ඔහුගේ මුහුණ පෙනුනේ නැති වුවත් ඒ කෙනාගේ උඩුකය අනුව ඔහු කඩවසම් අයෙකු වියහැකි බව අනුමාන කලේය. ඔහු  කොතරම් උත්සහ කලද Jungkookට ඒ ඉස්සරහ cabin එකේ සිටි පුද්ගලයාගේ මුහුණ දැක බලාගත හැකි වූයේ නැත.

"යා Jeon Jungkook මොනවද ඔච්චර බලන්නේ?"

"මාර ලොකුයි නේ මේ company එක. ඔයාගේ සයිස් එකට ගැලපෙන්නේ නෑ"

Jungkook හිනා වෙවී එහෙම කියන ගමන් cabin එක ඇතුලේ තිබුණ sofa එක වාඩි වුණා.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now