CHAPTER 06🚬

996 189 78
                                    

                     2ñÐ †rïål ⚖️

Ji Hoonගේ මිනීමැරුම සම්බන්ධ දෙවනි නඩු වාරය.

"සාක්ෂිකරු, ඔබ එදා Ji Hoonගේ කාමරේට ගියේ ඇයි?" Hyung Sik ඇසීය.
"....." Taehyung කිසිම උත්තරයක් දුන්නේ නෑ.

"සාක්ෂිකරු?" විනිසුරුවරයා එවර Taehyung ට කතාකලේය. එවිටයි Taehyung පියවි සිහියට පැමිණියේ. එතෙක් වේලා ඔහු හිටියේ මිනීමැරුම දිනයේ සිදු වූ දේවල් සිහි කරමින්ය.

Ji Hoonගේ ඝාතනය සිදු වූ දිනය....

"මට සමාවෙන්න සර්...මන්.. මන් දැනගෙන හිටියේ නෑ Hae in කියන්නේ සර්ගේ නංගී කියලා..."

"තමුන් මේ විදිහට ජීවිත කීයක් විනාශ කලාද යකෝ?? කොහෙද තමුන් video කරපු ෆෝන් එක ආ? පොලීසියට කියන්න ඉස්සරින් මට ඒ ෆෝන් එක දෙන්න"

"මන් ගාව නෑ.. ඔව් මන් ගාව නෑ ඒක"

"බොරු කියන්න ලෑස්ති වෙන්න එපා..මෙහාට දෙන්න කිව්වේ ඒ ෆෝන් එක" *Beep beep* "ආයිශ්! කවුද මේ වෙලාවේ!! Ah, yes Mr. Park? Ok. I'll come right now." Taehyung Jimin කතා කරපු නිසා එතනින් එන්න ආවා. හදිස්සියෙන් වගේ එලියට ගියපු නිසා එවෙලේ Ji Hoonගේ cabin එකට ඇතුලු වුණ කෙනාගේ මූණ Tae හරියට දැක්කේ නෑ.
.
.
.
Present day

"Ji Hoon...Ji Hoon කියන්නේ තිරිසනෙක්" Taehyungට වචන ගලප ගන්න පුලුවන් වුණ එකම වාක්‍යය වුණේ එච්චරයි. උසාවියට ඇවිත් හිටපු හැමෝමගෙම ඇස් පුදුමයෙන් ලොකු වුණා Taeගේ කතාවට. හැමෝම අතරේ යන්තමින් ඇති වුණ කසුකුසුව ඝෝෂාවක් බවට පත් වෙද්දී විනිසුරුවරයා ඔවුන්ව නිශ්ශබ්ද කලේය.

"උසාවියේදී වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න" Judgeගෙන්  Taeට අවවාදයකුත් ලැබුණා. ඉන්පසුවයි Prosecutorටට නැවතත් ප්‍රශ්න ඇසීමට අවසර හිමි වුණේ.
"එහෙම කියන්න හේතුව උසාවියට පැහැදිලි කර දෙන්න පුළුවන්ද ඔයාට?"

"මුලින් ම Ji Hoonගේ phone එක හොයාගෙන ඉන්න. එතකොට මම කියපු කාරණේ ඔප්පු වෙනවා"

"ඒ කියන්නේ ඔයාට ඔයා කියපු දේ ඔප්පු කරන්න සාක්ෂි නෑ? Your honour, මොහු උසාවිය නොමඟ යවන්න හදන්නේ. සාක්ෂි නැති කරුණු ඉදිරිපත් කරලා"

"සාක්ෂි? Your honour, he wasn't a good person. He ruined my sister's life. Who knows, how many lives he has ruined before he died?"

Yeonjun කොතරම් උත්සහ කලත් Ji Hoonගේ phone එක සොයාගත නොහැකි වීම පිළිබඳ ඔහු හිටියේ අවුලෙන්. ඒ phone එක හිතනවටත් වඩා වැදගත් කියලා එදා එයාට තේරුණා. සමහරවිට මේ මුළු අභිරහසම විසඳන යතුර එය වෙන්න පුළුවන්.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now