CHAPTER 13🚬

755 138 38
                                    

                 4r†h †rïål⚖️

"Your honor, this defendant killed the Victim with the victim's knife. Victim's blood was found from his table. මේ සිටින සැකකරු Ji Hoonගේ මරණය සම්බන්ධයෙන් වැරදිකරුයි ස්වාමීනි" prosecutor Hyun Sik උසාවියට කීවේය.
"චෝදනා ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි," Jungkook Jimin එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

"සැකකරු මොකක් සඳහාද එදා Ji Hoonගේ කාමරේට ගියේ? ඒවගේම ඔබ Ji Hoonගේ නිවසටත් එදින උදෑසන ගිහින් තියනවා" Hyun Sik ප්‍රශ්න කළේය.

"මගේ company එකේ දෙයකට ගියේ. ඒ තොරතුරු පිටට දෙන්න විදිහක් නෑ" Jiminගේ මුහුණේ කිසිම හැඟීමක් පෙනෙන්නට තිබුණේ නෑ.

"උසාවියට ඔබ කතා කල දේ කියන්න බැරිද? ස්වාමීනි මෙහි කුමක් හෝ සැකයක් තිබෙනවා"

"ස්වාමීනි, කාර්යාලයේ තොරතුරු පිටතට ලබා දිය නොහැකියි. එම නිසා ඔහුට ඒ සඳහා බල කිරීමට නොහැකියි" Jungkook එක් වරම නැගී සිට කීවේය.

මෙම නඩු වාරය සඳහා Yoongi පමණක් නොව Jimin ගේ පියා සහ කුඩම්මාද පැමිණ සිටියේය. කොතරම් Jimin අකමැති වුවත් ඔහුගේ කුඩම්මා නරක කෙනෙක් නොවීය. ඇය Jiminට තම පුතාටත් වඩා ආදරය කළාය. හොඳම කාරණය නම් ඇය Yoongi Jimin හට කැමති බව දැන සිටියාය. කුමක් වුවත් Yoongi යනු ඇයගේ පුතා. මොනතරම් තමන්ට නපුරු විදිහට සැලකුවත් Jimin නරක කෙනෙක් නොවන බව ඇය දැන සිටියා. නමුත් මේ පිළිබඳව ඇය දන්නා බව ඇය Yoongi කීවේ නැත්තේ දිනක ඔහුම පැමිණ පවසන තෙක් ය.
කවුරු විශ්වාස කළත් නොකළත් Yoongi Jiminව විශ්වාස කළේය. හැරත් ඔහු යම් හෙයකින් අපරාධකරුවා වුවත් Yoongi ගේ ආදරයේ වෙනසක් නොවෙන බව ඔහුට විශ්වාසය.ඔහු ඒ තරම් Jiminට ආදරය කළේය.

"මේ සිටින defendant ගේ මේසයේ තිබී ලේ පැල්ලමක් හමු වුණා. එම ලේ Ji Hoonගේ බවත් ඔප්පු වුණා. ඔබට ඊට නිදහසට කරුණු කියන්න තියනවද?"

Hyun Sik තිරයට ලේ පැල්ලමේ පින්තූරයක් පෙන්වමින් කියා සිටියේය.
"මම නෙවෙයි Ji Hoonව මැරුවේ." Jimin කීවේය. "මම කාවවත් මැරුවේ නෑ"

පළවෙනි වතාවට Jimin නිසැක වශයෙන්ම ඔහු Ji Hoonව නොමැරූ බව ප්‍රකාශ කළේය. නමුත් එහි තේරුම ඔහු Ji Hoonව නොමැරූ බවමද?

"ස්වාමීනි defendant ගේ මේසයේ කකුලක තිබූ ලේ පැල්ලම Ji Hoonගේ බව ඇත්තක් වුණත් ඒ ලේ පැල්ලම ඒ මත තිබ්බේ Jimin නෙවෙයි" Jungkook තිරයේ ඒ පැල්ලම දෙස සැමගේ අවධානය නැවත යොමු කළේය. "මේ ලේ පැල්ලම මේසය කකුල වටේටම විහිදී යනවා. Jiminගේ අත 17.5cmයි දිග. මේසයේ වට ප්‍රමාණය 19cmක් විතර. මුළු අතම විහිදී යන්න Jiminගේ අත දිග නෑ. අතේ දිග සෙන්ටිමීටර 19හෝ 19ට වැඩි අය ගැනයි අපේ අවධානය යොමු වෙන්න ඕන. අනික Jimin මේ තරම් අමාරුවෙන් ගොඩ නගා ගත් company එකට කැලලක් වෙන්න ඉඩ තියාවිද? Jimin තමයි මේ company එකේ අයිතිකාරයා. වුවමනා නම් එයාට තිබුණා කාටවත් නොපෙනෙන්න body එක හංගන්න මොකද company එකේ exits ගැන Jimin හොඳට ම දන්නවා. ඒ නිසා මම කියනවා මේ defendant නිර්දෝෂයි කියලා"

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now