CHAPTER 20🚬

543 116 30
                                    

"Ji Hoon තමුන්ගේ එකෙක් නේද? ආ එතකොට අර Rowon!! ඌත් තමුසේගේ එකෙක් නේද?" Jungkook Young Dae අසළට පැමිණෙන අතරේ කීවේය.

"ඔව් ඇයි??"

"තමුසේගේ මහ ලොකු organization එකේ උන් දන්නේ රේප් කරන්නද යකෝ!!"

"මේ අහනවා මගේ organization එකේ නීති තමුසේ හොයාගත්තා නේද? ඒකේ තිබුණා Sexual harassment සපුරා තහනම් කියලා. ඇයි ඒක දැක්කේ නැද්ද?"

"තමුන් Ji Hoonව මරලා දැම්මාද?"

"මම??" Young Daeගේ මුහුණේ සමච්චල් සිනහවක් ඇඳී ගියේය.

                      *********

"Mr. Kim අපි patient ගේ heart එක යථා තත්වයට ගත්තා. ඒත් අපිට වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ. තව පැයක් ඇතුලත AB negative blood තියන කෙනෙක්ව හොයාගන්න ඕන"

Taehyung, Jimin සහ Yoongi තුන්දෙනා ම හැකි විගස Hospital එකෙන් පිටව ගියේ කෙසේ හෝ AB negative ලේ වර්ගයක් තිබෙන පුද්ගලයෙක් සොයාගන්නටය. Taehyung, Jimin දෙදෙනාම ඒ සඳහා පිට ව ගියේ හැඬූ කඳුලෙනි. Theatre එක අසළ බිත්තියකට මුවා වී කළු Hoodie එකක් හැඳ කළු cap එකක් හිසට දමා ගෙන සිටි පුද්ගලයෙක් Doctor සහ Taehyung අතර ඇති වුණ කතාබහ අසා සිටියේය. Taehyung සහ Yoonmin දෙදෙනා රෝහලෙන් පිට ව ගොස් පැය භාගයකට පමණ පසු ඒ පුද්ගලයා Jungkookට බෙහෙත් කරන වෛද්‍යවරයා හමු වීමට ගියේය.

"Doctor මට ඇහුණා මේ patient ට ලේ ඕනේ කියලා. මගේ blood type එක AB negative. මම කැමතියි එයාට ලේ දෙන්න." ඒ වෙලාවේ ඒ පුද්ගලයා Jungkookට ලේ දීමට ඉදිරිපත් වීම බෙහෙවින් ම වටින්නේ ය. කිමද යත් ඒ පැය භාගය තුළදී AB negative ලේ වර්ගය සොයාගැනීමට Taehyung හෝ අනෙක් දෙදෙනාට හැකි වූයේ නැත.

"ඔහ්! කොච්චර දෙයක්ද. මේ nurse එක්ක යන්න."

"අහ්..doctor, එක දෙයක්....මම ලේ දීලා ඉවර වෙනකං මේ ගැන මෙයාගේ ගෙදර අයට කියන්න එපා. ඒ වගේම ලේ දුන්නේ කවුද කියන එක කියන්නත් එපා"

ඒ පුද්ගලයාගේ ඉල්ලීම අනුව ඔහු ලේ දී අවසාන වී ඔහු පිටව යනතුරුම වෛද්‍යවරයා කිසිවක් Taehyung ට පැවසුවේ නැත. ඔහු පිටව ගිය වහාම Jungkookට ලේ ලැබුණු බව Taehyung ට දැනුම් දුන්නේය. Taehyung සහ Yoonmin තිදෙනා ඒ වනවිටත් හිටියේ Hospital එකේ දොර අසළ. ඔවුන් පණිවිඩය ලද වහාම ඇතුළට දුවගෙන ආව නිසා Jungkookට ලේ ලබා දුන් පුද්ගලයා ඔවුන් අසළින් ම ගියත් ඔවුන් ට එම පුද්ගලයාව එතරම් ඇස නොගැටුණේ ඔවුන් හදිසියෙන් සිටි නිසා. එහෙත් Taehyung ඒ පුද්ගලයාව යන්තමින් දුටුවේය. එහෙත් ඔහුගේ මුහුණ දුටුවේ නැත.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now