" එහෙනම් හැමෝම හවසට ටේහ්‍යුන්ගෙ ගෙදරදි හම්බවෙමූ....."
චෝය් මින්ශික් කියමින් අත වැනුවේ තමන්ගෙ හොදම යාලුවන් දෙන්නා වුනු ටේහ්‍යුන්ටය් ජන්කුක්ටය්. මින්ශික්, ටේහ්‍යුන් සහ ජන්කුක් කියන්නේ අවුරුදු 10 ඉදන්ම හොදම යාලුවො. එකිනෙකාගෙ හැම දේකදිම ඔවුන් තුන් දෙනාම එකෙනිකා වෙනුවෙන් හිටියා. මින්ශික් ඉහළ ව්‍යාපාරික පවුලක කෙනෙක්. ටේහ්‍යුන්ගෙ ඔම්මය් අප්පය් දෙන්නම ඩොක්ටර්ස්ලා. ජන්කුක්ගෙ ඔම්මය් අප්පය් දෙන්නම ගුරුවරු. තුන් දෙනා සමාජ තල තුනක වුනත් කිසිම බාධාවක් නැතුව අවුරුදු 15 කටත් වැඩි කාලයක් එකිනෙකා අතර මිත්‍රත්වය එයාලට පවත්වගන්න පුලුවන් වුනා.
විශ්ව විද්‍යාල ගේට්ටුව ගාවින් මින්ශික් ටේහ්‍යුන් සහ ජන්කුක්ගෙන් වෙන්වුනේ එයාගෙ ගෙදර තිබුණෙ අනික් දෙන්නගෙ ගෙවල්වලට විරුද්ධ පැත්තෙ නිසය්. මින්ශික් එකිනෙකාට විහිලු කර කර යන ටේහ්‍යුන් සහ ජන්කුක් දිහා බලාගෙන හිටියෙ අමුතු හැගීමක් හිතේ හිර කරගෙන. ඒ දැන්නේ කවදාවත් තමන්ට නොදැනිය යුතු හැගීමක් බව මින්ශිල් දැනගෙන හිටියත් තමන්ගෙ සිතිවිලි පාලනය කරගන්න තරම් හැකියාවක් එයාට තිබුනෙ නැහැ.
ගෙදර යන අතරමගදි මින්ශික් ශොපින් මෝල් එක ළඟ නතර වුනේ ටේහ්‍යුන් වෙනුවෙන් තෑග්ගක් ගන්න. මේ ගෙවෙන්නේ 2121 අවුරුද්ද..... එතකොට.... අද ටේහ්‍යුන්ගෙ 26 වෙනි උපන්දිනේ. ඔවුන්ගෙ යුනිවසිටි මිතුරන් වෙනුවෙන් අද හවස ටේහ්‍යුන්ගෙ ගෙදර සාදයක් ලෑස්ති කරලය් තිබුණෙ.
ටේහ්‍යුන්ට සුකුරුත්තන් උපන්දින තෑගි දෙන්න මින්ශික්ට අවශ්‍ය වුනේ නැහැ. ඒත් සුපුරුදු විදියට ටේහ්‍යුන් ආස කරන චොක්ලට් වගයකුය් ආසම ෆැෂන් බ්‍රෑන්ඩ් එකෙන් හොදම ඇදුම් වගයකුත් ගත්තු මින්ශික් ආපහු ගෙදර යන්න පිටත් වුනා. ඒත් එයාගෙ හිතේ තිබුණෙ එකම එක දෙයක් විතරය්.
" මම අද කොහොම හරි එයාට ඒක කියනවා..... "
හිතේ චකිතයක් තිබුණත් අද නොකීවොත් තමන්ට ආයෙ කවමදාකවත් අවස්ථාවක් ලැබෙන්නෙ නැති වෙය් කියන බය මින්ශික්ගේ හදවත වෙලාගෙන තිබුණා.
මින්ශික් තමන්ගෙ හැගීම් පාලනය කරගන්න උත්සාහා කලත් එකම එක දෙයක් එයාට පාලනය කරගන්න බැරි වුනා.
YOU ARE READING
Autumn Leaves...🍂 (Completed ✔️)
FanfictionI want the you that meets my eyes I want the you that wants me again Please don't leave me Please don't fall Never never fall Don't go far away......🍂