Chapter 04 🍂

578 173 90
                                    

Jungkook p.o.v.

ටේහ්‍යුන්ගෙ බර්ත් ඩේ එකට මොකක්ම අරි දෙයක් දෙන්න කියාය් මගෙ හිත කිව්වෙ. මං මගේ අතින් හදපු බර්ත් ඩේ කාඩ් එකත් අරන් නැගිට්ටෙ ඒක ඉක්මනින්ම එයාගෙ අතට දීලා සුභ පතන්න. ඒත් මං ඉදගෙන හිටපු බංකුවෙන් නැගිටිද්දිම මං ගාව හිටපු කෙනා දැකීමෙන් මං පුදුම වුනාද නැත්තම් බය වුනාද කියලා මටම හිතාගන්න බැරි වුනා.

" මේක මටද.....?? "

දෙය්යනේ එයා මෙච්චර වෙලා මං දිහා බලාගෙනද හිටියෙ....? මගෙ ඇග පුරාම ලැජ්ජාවක් එක්ක හීනි හිරියක් ගලාගෙන ගියා. ඒත් ඇය් මං ලැජ්ජා වෙන්නේ....?? මං මෙහෙම් හැසිරෙන එකට දැන්නම් මට හේතුව හොයාගන්නම ඕනෙ.

" සොරි ටේහ්‍යුන්.... ඔයාට දෙන්න මං ගාව තෑග්ගක් නෑ.... ඒ නිසා මේක ගන්න.... හැපි බර්ත් ඩේ අගේන්...."

මං පලවෙනි වතාවට මනුස්සයෙක්ගෙ ඇස් දිහා කෙලින් බලාගෙන යන්තම් හිනා වෙලා කතා කලා. බස්සෙක් වගේ ඔරවන් ඉන්නවා කියලා මිනිස්සු බැන්න මගෙ මූනෙ ඇදුනු පලවෙනි හිනාවෙ අය්තිකාරයා ටේහ්‍යුන්. ඒ දේ හිතෙද්දිත් මට දැනුනෙ හුගාක් ආගන්තුක හැගීම් ගොඩක්.

" ජන්කුක්.... මට තෑගි ඕනෙ නැහැ...."

මගෙ බර්ත් ඩේ කාඩ් එක ගන්න ගම්න් ටේහ්‍යුන් හිනාවෙවී කිව්වා. එයා කාඩ් එක අරගෙන හොදින් ඒ දිහා බැලුවා. මං හිමිට ඒ මූන දිහා බලාගෙන හිටියෙ එයාගෙ රිඇක්ශන් එක දැනගන්න. ඒත් මනුස්සයෙක්ගෙ මූනෙ තියෙන හැගීම් වෙන් කරලා අදුනගන්න තරම් දැනුමක්වත් හැකියාවකවාත් මට තිබුනෙ නැහැ. ඒත් එයා ලස්සනට හිනා වුනා. ඒ හිනාවට මම වශී වුනා වගේ. හැමදාම බලාගෙන ඉන්න හිතෙන තරමටම එයා ගාව තිබ්බෙ පුදුම ආකර්ශනීය බවක්.

" තෑන්ක්ස් ජන්කුක්..... මේක මට වටිනවා....."

දගකාරි විදියට හිනා වෙන ගමන් ටේහ්‍යුන් කිව්වෙ මගෙ හිතෙත් ලැජ්ජාව මිශ්‍ර වුනු අසීමිත සතුටක් ඇති කරමින්.

" ඒත්..... මං දැකලා නෑ ඔයා වෙන අය වෙනුවෙන් මේ දේවල් කරනවා....?? "

එයා කල්පනාකාරීව ඇහුවෙ මාව ප්‍රශ්නයකට තල්ලු කරමින්. ඇත්තටම මටත් ඒක ප්‍රශ්නයක්. ඇය් මං වෙන කවුරුවත් වෙනුවෙන් නොකරපු දේවල් මේ ළඟදි දැකපු ටේහ්‍යුන් වෙනුවෙන් කරන්නේ.....?? මේ ලස්සන කොල්ලා මගෙ සාමාන්‍ය ජීවිතේ උඩු යටිකුරු කරලා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now