Chapter 02 🍂

769 188 61
                                    

Flashback....

Jungkook p.o.v.

හය් ස්කූල් එකේ අන්තිම අවුරුද්දෙදිම අලුත් ස්කූල් එකකට මාරු වෙන්න වීම ගැන නම් මගෙ හිතේ තිබ්බෙ කනස්සල්ලක්. මට දැන් ආපහු හැමදේම අලුතෙන් පටන්ගන්න වෙනවා. මං ටික වෙලාවක් සෝල් හය් ස්කූල් එකේ ගේට්ටුව ගාවට වෙලා ඒ දිහා බලන් කල්පනා කර කර හිටියා. කලින් ගියපු ස්කූල් එකේදි ඒ වටපිටාවට හැඩ ගැහෙන්නම මට හුග කාලයක් ගියා. මෙහෙදි මොනවය්න් මොනව වෙය්ද.....? බුසාන් හය් ස්කූලර්ස්ලා සෝල්වල අයට වඩා හොද නම්.... හිතම මහ අමුතු බරකින් පිරිලා ගිහින්. මොනව වුනත් අනාගතේ ගැන මට තිබ්බේ ලොකු බයක්....

මෙච්චර කල් මං ගියෙ බුසාන් හය් ස්කූල් එකට. මගෙ පවුලෙ අය මහ ලොකුවට සල්ලි තියෙන අය නෙමෙය්. අප්පා සාමාන්‍ය කම්පැනි එකක සෙකියුරිටි කෙනෙක්. මගෙ ඔම්මා සාමාන්‍ය රාමේන් ශොප් එකක් කරන් ගියා. පවුලෙ එකම ලමය විදියට මගෙ ඔලුව උඩ තිබ්බෙ ලොකු වගකීමක්. ඔම්මය් අප්පය් හැමවෙලේම මගෙ දිහා බැලුවෙ බලාපොරොත්තු සහගත ඇස්වලින්. එයාලා වෙනුවෙන් මට මගෙ උපරිමය කරන්න වෙනවා.

අප්පාගෙ කම්පැනි එකෙන් එයාව සෝල්වල කම්පැනි එකට මාරු කලේ අපි හැමෝමවත් සෝල් නගරෙ ජීවිතේට මාරු කරමින්. මටත් ඒත් එක්කම සෝල් හය් ස්කූල් එකට ඇතුල් වෙන්න වුනත් ඒ ගැන මට තිබ්බෙ බයක්. ලොකු බයක්.... බුසාන් හය් ස්කූල් එකේදි ලමය් මාව බුලී කරපු විදිය මට මතක් වුනේ මගෙ මුලු ඇගම හිරි වැටිලා යද්දි.

පුංචි කාලෙ ඉදන්ම මං කා එක්කවත් වැඩිය කතා කරන කෙනෙක් නෙමෙය්. ඒත් ඇය් එහෙම වුනේ.....? ප්‍රී ස්කූල් එකේ අනික් ලමය් හැමෝම කෑ ගගහ සෙල්ල්ම් කරද්දි මං විතරක් ග්‍රවුන්ඩ් එකේ කොනේම තිබ්බ බෙන්ච් එකේ වාඩි වෙලා ඒ අය දිහා ඔහේ බලාගෙන හිටියා. මට කැපී පේන්න උවමනාවක් තිබ්බෙ නෑ. මට ඕනෙ හැමදේකින්ම හැංගිලා ඉන්න. පුංචි කාලෙ ඉදන් ඔම්මල මට ලෝකෙ කියන්නෙ නරක තැනක් කියලා පෙන්නන්න හුගක් කතා කිව්වා. ඒකෙන් වුනේ මං ලෝකෙට බය වුනු එක. හැම කෙනෙක්ගෙන්ම හැංගිලා තනියම ජීවත් වෙන්න මට ඕනෙ වුනා. මිනිස්සු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්. මං එහෙමය් ඉගෙන ගත්තේ.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now