විභාගය පැවැත්වෙන මාසයක කාලය දවසින් දවස ගෙවී ගියෙ ටේහ්‍යුන්ගෙ ජන්කුක්ගෙ වගේම යෙඔන්ජුන්ගෙ ජීවතත් එක තැනක හිර කරමින්. කාලය කොය්තරම් ගත වුනත් තමන් හිර වෙලා ඉන්න තැනින් එලියට එන්න එයාලා කාටවත් පුලුවන් කමක් තිබුනෙ නැහැ. ඉගෙන ගන්න එක ජීවිතේ වැදගත්ම දෙය වුන නිසා තුන් දෙනාම මහන්සි වුනේ විභාගෙ වෙනුවෙන්. ඒත් එයාලගෙ හදවත්වල තුවාල ගෙවෙන හැම තප්පරකේම බොහොම දරුණු විදියට රිදුම් දුන්නා.
ජන්කුක් පුලුවන් තරම් ටේහ්‍යුන්ව මගහරින්න උත්සාහා කලා. ටේහ්‍යුන්ව දකින එක පවා එයාට අපහසුවක් ගෙනාවා. ජන්කුක් හැමදෙයකින්ම ඕනවටත් වඩා වෙහෙසට පත් වෙලය් හිටියෙ. ටේහ්‍යුන්, යෙඔන්ජුන්, එයාලගෙ පරණ මතකයන්... මේ හැමදේම ජන්කුක්ව තව තවත් වෙහෙසට පත් කරන දේවල් බවට පත් වුනා. ඒ නිසා හැමවෙලේම.ජන්කුක් ඒ දේවල්වලින් ඈත් වෙන්න උත්සාහා කලා.
නමුත් අවසානෙදි සිද්ධ වුනේ ටේහ්‍යුන්ව හම්බවෙන්න කලින් හිටපු ජන්කුක් ආපහු ආව එක විතරය්. ජන්කුක් ඊටත් වඩා වෙනස් වෙලා හිටියා. කාවවත් විශ්වාස නොකරන.. කිසිම කෙනෙක් එක්ක ආශ්‍රයට නොයන.. තනිකමට වැඩිපුර කැමති.. අමුතු මනුස්සයෙක් නිර්මාණය වෙලා තිබුනා. ජන්කුක්ට කිසිම කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ. එයා කිසිම කෙනෙක් එක්ක කතා කලේ නැහැ. කාගෙවත් ඇස් දිහා කෙලින් බැලුවෙ නැහැ. බිම බලාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න නිහඩ හුදෙකලා ජියොන් ජන්කුක් බවට එයා ආයෙම වතාවක් පරිවර්තනය වෙලා තිබුනා.
ඒත් ටේහ්‍යුන්ට නිතරම ඕනෙ වුනේ ජන්කුක් එක්ක වචනයක් හරි කතා කරන්න. ජන්කුක් තමන්ව මේ තරම් මගහරින්න හේතුව එයාට හිතාගන්න අමාරු වුනා. ඒ තමන් බැන්න නිසා කියලා ටේහ්‍යුන් පිලිගන්න උත්සාහා කලත් ඊට වඩා හේතුවක් තියෙන බව එයාට හොදින්ම දැනුනා. ටේහ්‍යුන් හැමදාම තමන්ව මගෑරලා යන ජන්කුක් දිහා බලාගෙන හුගක් දුක් වින්දා. මේ දේවල් මේ විදියට නරක අතට හැරෙන්න හේතුව මොකක්ද කියලා එයා එයාගෙන්ම ප්‍රශ්න කලා. ජන්කුක්ගෙ හැසිරීම් එන්න එන්නම වෙනස් වෙන හැටි ටේහ්‍යුන් බලාගෙන හිටියෙ වේදනාවෙන්. ඒ හැමදේටම හේතුව තමන් කියන වරදකාරී හැගීම ටේහ්‍යුන්ගෙ මුලු හදවතම වහගෙනය් හිටියෙ. හැමදේම හොදින් විසදෙය් කියලා හිතුවත් හැමදේම එන්න එන්න නරක අතටම හැරෙන්නේ ඇය් කියලා එයාට හිතාගන්නවත් බැරි වුනා.
YOU ARE READING
Autumn Leaves...🍂 (Completed ✔️)
FanfictionI want the you that meets my eyes I want the you that wants me again Please don't leave me Please don't fall Never never fall Don't go far away......🍂