Chapter 18 🍂

467 159 97
                                    

විභාගය එන්න එන්නම ලං වුනේ ටේහ්‍යුන්ව පොත් අතරටම හිර කරමින්. ටේහ්‍යුන්ගෙ හැමදේකදිම යෙඔන්ජුන් එයාගෙ ලගින්ම හිටියෙ වඩාත් පරිපූර්ණ ආදරවන්තයෙක් වෙමින්. දෙන්නම තමන්ගෙ ෆය්නල් එක්සෑම්ස් වලට මුල් තැන දෙමින් වැඩ කටයුතු කරගෙන යන්න වුනා.

මේ වෙද්දි ටේහ්‍යුන් සහ යෙඔන්ජුන් බොහොම ආදරණීය දෙන්නෙක් බවට පත් වෙලා තිබුනා. යෙඔන්ජුන් ටේහ්‍යුන්ට සැලකුවෙ බොහොම හොද විදියට. ඇත්තෙන්ම යෙඔන්ජුන් හුග දෙනෙක්ගෙ කල්පිත ආදරවන්තයාට සමාන වුනා. හරියට සුරංගනා කතාවක හැමෝගෙම ආදරය දිනාගන්න කුමාරයා වගේ.... ඒ දෙන්නම එකට ඉන්නකොට.... ඒක හරිම ලස්සන දෙයක් වුනා. වචනයෙන් විස්‍තර කරන්නබැරි විදියට ඒ දෙන්නා එකිනෙකාට ගැලපුනා වගේම ආදරේ කලා.

යෙඔන්ජුන් ටේහ්‍යුන් දෙන්නම කාලය ගතකලේ හුගක් සතුටෙන්. එකිනෙකා එක්ක ගෙවෙන හැම තප්පරයකටම එයාලා අදරේ කරන්න ගත්තා වගේම ඒ හැම මොහොතකම එයාලා සතුටින් හිටියා.

ඒත් ඒ හැම තප්පරේකම යෙඔන්ජුන්ව වගේම ටේහ්‍යුන්ට ජන්කුක්වත් මතක් නොවුනා කිව්වොත් ඒක බොරුවක්.

ටේහ්‍යුන් ජන්කුක් ගැන හුගක් වද වුනා. හැම මොහොතකම ජන්කුක් එයාගෙ මනසේ හොල්මන් කරන්න ගත්තා. ජන්කුක් දැන් මොනවා කරනවා ඇත්ද...? එයා හොදින් ඉන්නවද....? කොහේ ඉන්නවද.....? තමන් එක්ක තරහින්ද ඇත්තෙ....? ආපහු තමන්ගෙ පරණ යාලුකම් පටන් ගන්න බැරි වෙය්ද....? ටේහ්‍යුන් නිතරම මේ වගේ දේවල් කල්පනා කරන්න ගත්තා. යෙඔන්ජුන් හිටියා කියලා එයා ජන්කුක්ට කිසිම වෙනසක් දැක්වුවෙ නැහැ. හැම මොහොතකම යෙඔන්ජුන්ට සමානවම ජන්කුක්ත් එයාගෙ හදවතේ ජීවත් වෙන්න වුනා.

********

Phone is ringing....

" ටේටේ... කොහෙද මෙච්චර වෙලා හිටියේ....? ඇය් ෆෝන් එක ආන්ස්වර් නොකළේ....? "

ෆෝන් එක කනට ගත්තු ගමන්ම ටේහ්‍යුන්ට එහ පැත්තෙන් ඇහුනෙ යෙඔන්ජුන්ගෙ කනස්සලු වචන. වොශ්‍ රූම් එකෙන් එලියට ඇවිත් බලද්දි යෙඔන්ජුන්ගෙන් මිස් කෝල්ස් 10කටත් වැඩියෙන් ඇවිත් තිබුනා. මිස් කෝල්ස් දකිද්දිය් ටේහ්‍යුන්ට මතක් වුනේ එයා යෙඔන්ජුන්ව හම්බවෙන්න ‍යොදාගත්තු වෙලාවත් පහු වෙලා දැන් පැයකටත් කිට්ටුය් කියලා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now