Chapter 20 🍂

507 153 76
                                    

මාසයක කාලයක් ලැබුනු නිවාඩුව අවසන් වෙලා හැමෝම ආපහු කැම්පස් එකට ආවේ තුන්වැනි වසරෙ අවසාන විභාගයට මූණ දෙන්න. ජන්කුක් පහුවෙනිදා හවස් වෙද්දි සෝල්වලට ආවත් එයා හොස්ටල් එකට නෑවිදින් ඔම්මලත් එක්ක ගෙදර නතර වුනා. ගෙවුනු මාසය ඇතුළත ජන්කුක් ආපහු රළු අයෙක් බවට පරිවර්තනය වෙලා තිබුනා. සෝල්වලට එන්න කලින් හිටපු තත්තවයටම එයා ආයෙමත් පත් වෙලා තිබුනා කිව්වොත් නිවැරදිය්. සමහරවිට ඊටත් වඩා.... ඊටත් වඩා ජන්කුක් වෙනස් අයෙක් වෙලා තිබුණා.

නමුත් හදවතින් තාමත් ජන්කුක් දුර්වල අයෙක් වුනා. මොන දේ සිද්ධ වුනත් තමන්ට මේ දේවල්වලට මූන දෙන්න වෙනබව එයාට තේරුම් ගන්න සිද්ධ වුනා. ඒත් හැගීම් හංගගන්න එයාට දැන් වෙනදටත් වඩා පුලුවන් වුනා. කොහොමහරි.... කොහොමහරි ආයෙමත් ටේහ්‍යුන්ට ලං නොවෙන්න ජන්කුක් තමන්ටම දිවුරා පොරොන්දු වුනා.

හැම ශිෂ්‍යයෙක්ම විභාගය ගැන දෙගිඩියාවෙන් විශ්ව විද්‍යාලය ඇතුළට ආවත් ටේහ්‍යුන් මග බලාගෙන හිටියේ වෙන දෙයක් වෙනුවෙන්. ජන්කුක්.... අනිවාරෙන්ම විභාගය වෙනුවෙන් ජන්කුක් ආපහු එන බව ටේහ්‍යුන් දැනගෙන හිටියා. ටේහ්‍යුන් පහුගිය කාලයම බලාගෙන හිටියේ අද දවස උදා වෙනකම්. ආපහු ජන්කුක්ව හමුවෙලා සමාව ගන්න... හැමදේම පරණ තත්තවයටම ගේන්න... ටේහ්‍යුන් මනසින් සැලසුම් ගොඩක් හදාගෙනය් හිටියේ.

උදේ ඉදන්ම ටේහ්‍යුන් ජන්කුක්ට කෝල් කලත් ඒ කිසිම ඇමතුමකට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ටේහ්‍යුන්ගෙ ඇමතුම් දැකපු ජන්කුක් ෆෝන් එක ඕෆ් කරලා දැම්මේ හිතාමතාමය්. ආයෙමත් එයාට ඒ ජීවිතයට යන්න කිසිම උවමනාවක් තිබුනෙ නැහැ. යුනි එකේ ගෙවෙන අන්තිම කාලය තමන්ගෙ පාඩුවෙ ගෙවලා ටේහ්‍යුන්ගෙන් සදහටම ඈත් වෙලා යන්නය් එයාට උවමනා වුනේ.

ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න බැරි තරමට ජන්කුක් එයාට බැඳිලා හිටියත් ඊටත් වඩා එයා මේ බැදීම නිසා වෙහෙසට පත් වෙලය් හිටියෙ.....

ජන්කුක්ට සදහටම ටේහ්‍යුන්ගෙ ඈතට යන්න වුනේ එතකොට කාලයත් එක්ක හැමදේම අමතක කරලා දාන්න පුලුවන් වෙන නිසය්. ඒත් ටේහ්‍යුන් අද දවස එනකම් මග බලාගෙන හිටියෙ වැරදුණු හැමතැනක්ම ආපහු හරි ගස්සන්න. ටේහ්‍යුන් තරමටම යෙඔන්ජුනුත් අද නොසන්සුන් වෙලය් හිටියෙ. අදින් පස්සෙවත් මේ හැමදෙයක්ම හොද අතට හැරෙන්න කියන එකම බලාපොරොත්තුව එයාගෙ හද පත්ලෙන්ම නැගුනේ තමනුත් මේ දේවල් නිසා අනවශ්‍ය වෙහෙසකට පත් වෙලා ඉන්න නිසය්.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now