Chapter 01 🍂

2.2K 233 117
                                    

Jungkook p.o.v.

හැමදාම වගේ මම අදත් උදෙන්ම ආවෙ අපි වෙනදට හම්බවෙන තැනට. හැමදාම උදේට මාය් ටේහ්‍යුනුය් මෙතන හම්බවුනා. මේ සරත් ඍතුව නිසා හැම තැනක්ම වගේ වැහිලා තිබ්බෙ දුඹුරු පාට වියලුනු කොල වලින්. මං ඉදගෙන හිටපු පරණ බංකුව වියලුනු මේපල් කොළවලින් වැහිලය් තිබ්බේ. කොල ටික එහාට මෙහාට කරලා මං එතන වාඩි වුනේ අවුරුදු ගානක් තිස්සේ මං පාවිච්චි කරපු පුංචි ඩයරිය අතට අරගෙන.

මං ජන්කුක්.... ජියොන් ජන්කුක්.... හය් ස්කූල් එකේ හොදම වගේම දක්ශතම ශිෂ්‍යයා. දැන් සෝල් යුනිවසිටි එකේ හැම අවුරුද්දෙම බැජ් ටොප් වෙන දක්ශතම ශිෂ්‍යයා. ඉගෙනීමෙන් මොන තරම් දින්නත් එක දේකදි මං පැරදුනා.....

ආදරය......!!!!

මං ආදරයෙන් පැරදුනා. ඒකට හේතුව මං අදටත් හොයනවා. ඇය් මං එයාට ආදරේ කලේ.....?? අවුරුදු ගානක් මං එයාට තනියම ආදරේ කලා. කිම් ටේහ්‍යුන්..... එයා තමය් මගෙ පලමුවෙනි වගේම එකම ආදරේ.... මට එයාව අය්ති නැති වුනත් මං ඈත ඉදන් එයාට ආදරේ කලා.

මං පොතේ පිටු එකින් එක පෙරලුවෙ මං දවසින් දවස ඒකෙ ලියලා තිබ්බ දේවල් කියවමින්. ඒ දේවල් කියවද්දි මට මං ගැනම දැනුනෙ අනුකම්පාවක්. මනුස්සයෙක්ට ආදරේ වෙනුවෙන් මේ තරම් වේදනා විදින්න පුලුවන්ද.....?? අවුරුදු ගානක් මගෙ ආදරේ හිත ඇතුලෙම හිර කරගෙන මං හොදටම වේදනා වින්දා. ආදරේ කොච්චර ලස්සන වුනත් මට එහෙම වුනේ නෑ. ආදරය කියන්නෙ පිහි තලයක් වගේ.... මට ඉන්න වුනේ ඒ පිහි තලයේ කැපෙන පැත්තේ.

මගෙ පොතේ පිටු අතරෙ තිබුණු ටේහ්‍යුන්ගෙ ලස්සන පින්තූරයක් මගෙ ඇගිලි තුඩුවලින් පිරිමදිද්දි මගෙ මූනට හිනාවක් ආවෙ නිකන්මය්. ඒ කතා කරන ඇස්..... මොන දේ වුනත් එයාට ආදරේ කරන එක මට නවත්තගන්න බැරි වුනා. මං ඒකට මටම වෛර කරගන්නවා.

Like all the dry leaves fall
Like all the things I thought would last forever are leaving
You are my fifth season
Even if I try to see you, I can’t look
You’re still green to me
Even if the heart doesn’t move, it moves by itself
Lingering feelings hung out piece by piece like laundry
Only crimson memories fall
From above me
Even if my branch doesn’t shake
They constantly fall
Right, my love must fall
In order to rise
Even when you’re near, my two eyes
Are far away, it’s happening
I’m being thrown away like this
Inside my memories, I become young again......

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now