Chapter 22 🍂

492 154 71
                                    

" ගුඩ් බාය් ටේ ටේ.... පරිස්සමින් ඉන්න...."

යෙඔන්ජුන් අවසාන වතාවට කියලා එතනින් ඈතට යද්දිත් ටේහ්‍යුන් කලේ බිම බලාගෙන හිටපු එක විතරය්. තමන් මේ වෙලාවෙ මොනවද කරන්න ඕනේ...?? මොනවද කියන්න ඕනේ....?? අඩුම තරමෙ තමන්ගෙ හදවතට දැනෙන දේ මොකක්ද කියලාවත් වෙන් කරලා අදුරගන්න බැරි තත්තවයකය් එයා හිටියේ. ටේහ්‍යුන් ව්‍යාකූල වුනා. කවදාවත් බලාපොරොත්තු නොවුනු දරුණු පහරකට මුහුණ දෙන්න වුනා වගෙය් එයාට දැණුනෙ. යෙඔන්ජුන් තමන්ට ඉතිරි කරලා ගියපු ප්‍රශ්නය ටේහ්‍යුන්ගෙ මනස තව තවත් ව්‍යාකූල කරන්න වුනා.

යෙඔන්ජුන් ටේහ්‍යුන්ව යොමු කරලා තිබුණේ කවදාවත් එයා නොහිතපු මාතෘකාවකට. එහෙමත් නැත්නම්....

ටේහ්‍යුන් හිතන්න බය වුනු මාතෘකාවකට...

ඒත් යෙඔන්ජුන් නිසා ටේහ්‍යුන් තේරුම් ගත්තා තව දුරටත් තමන්ට ඒ මාතෘකාවෙන් පැනලා යන්න බැහැය් කියලා....

ඉදගෙන හිටපු තැනින් නැගිටපු ටේහ්‍යුන් ආපහු ගෙදර යන්න පිටත් වුනා. විශ්ව විද්‍යාලයේ අවසාන වසර පටන් ගන්න කලින් ලැබෙන සති දෙකක පුංචි විවේක කාලය තමන්ට කිසිම විවේකයක් නොගෙන බව ගත්තු ටේහ්‍යුන් ඔහේ ඇවිදගෙන යන වුනා.

*************

Taehyung p.o.v.

යෙඔන්ජුන් මාව එතැන තනි කරලා ගියාට පස්සෙත් මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා. එයා මොනවා ගැනද මේ කියන්නේ....?? මම ජන්කුක්ට කැමතිය්....?? මම මාවම රවට්ටගන්නවා....?? නෑ... නෑ..... යෙඔන්ජුන් කියන දේවල් ඇත්ත නෙමෙය්....

මම හිටියේ මාත් එක්කම ලොකු අරගලයක. මගේම කොටසකට ඕනෙ වුනා ඒ දේවල්වල තේරුමක් නැහැ යෙඔන්ජුන් සම්පූර්ණයෙන්ම වැරදිය් කියලා හිතලා හැමදේම අමතක කරලා දාන්න. ඒත් එක්කම මගේම අනිත් කොටසට ඕනෙ වුනා යෙඔන්ජුන් කිව්ව දේවල්වල ඇත්ත නැත්ත මගේම හෘද සාක්ෂියට අනුව හොයලා බලන්න.

ඒත් මම මොකක්ද තෝරගන්නේ....?? හැමදේම අමතක කරලා දානවද...?? එහෙමත් නැත්තම් හැමදේකම ඇත්ත නැත්ත හොයලා බලනවාද...?? කරන්න ඕනෙ මොකක්ද කියලාවත් තෝරගන්න බැරි තරමටම මට අසරණ බවක් දැනෙනවා. මට දැනුනෙ විශාල හිස් බවක්. බලන හැමතැනකම තියෙන්නේ සුදු පාට හිස් අවකාශයක් විතරය් වගේ මට දැනුනේ.

Autumn Leaves...🍂 (Completed ✔️)Donde viven las historias. Descúbrelo ahora