Chapter 19 🍂

437 157 84
                                    

විභාගයට තව සතියක් ඉතුරු වෙලා තියෙද්දි ටේහ්‍යුන් දවසින් වැඩි කාලයක් පොත් අතරම ගෙවන්න පුරුදු වුනා. වැඩ නිසා කාර්‍යබහුල වීම තමන්ගෙ සිතුවිලි පාලනය කරගන්න මාර්ගයක් විදියට ටේහ්‍යුන් තෝරගත්තා. මුලදි නම් ටේහ්‍යුන්ට පඩම් කරන්නවත් ආසාවක් දැනුනෙ නැහැ. එයා ඒ තරම්ම මානසිකව දුර්වල වෙලය් හිටියෙ. නමුත් දව කිහිපයක් යද්දි එයා තමන්වම තේරුම් ගන්න උත්සාහා කලා. තමන් මේ තරම් වදවෙන්නේ ජන්කුක් ගැන බව එයා තවත් තමන්වම රවට්ට ගන්නෙ නැතිව තේරුම් ගත්තා.

තමන්ට දැනෙන මේ හිත් වේදනාවලට හේතුව ජන්කුක් නම් ඒ නිසා අධ්‍යාපනය අතපසු කරගැනීම මෝඩකමක් බව ටික දවසකින් ටේහ්‍යුන් තේරුම් ගත්තා. ජන්කුක් මොන ප්‍රශ්නෙ ආවත් අධ්‍යාපනය පොඩ්ඩක්වත් අතපසු කරගන්න කෙනෙක් නෙමෙය්. ඉතින්... තමනුත් ජන්කුක් ගැන කල්පනා කරමින් ඉදිමින් අධ්‍යාපනය අතපසු කරගැනීම ජන්කුක්ට කරන අගෞරවයක් වගෙය් ටේහ්‍යුන්ට දැනුනේ. ඒ නිසා එයා උත්සාහා කලා අමාරුවෙන් වුනත් පොත්වලට අවදානය දෙන්න.

ටේහ්‍යුන්ට එයාගෙ මනස එක තැනකට ගේන එක හුගක් අමාරු වුනා. මනස තැන් තැන්වලට විසිරිලා තිබුනත් අවසානයේ විභාගයත් අසමත් වුනොත් මේ සිද්ධ වෙලා තියෙන දේවල් තවත් නරක අතට හැරෙන බව තේරුනු නිසාම ටේහ්‍යුන් හැමදේම අමතක කරලා ඉගෙනීමට අවධානය දෙන්න උත්සාහා කලා.

ඒත් ජන්කුක්ගෙ තත්තවය.... එයා හිතන එක පවා අතාරින්න උත්සාහා කලා. නිතරම මොකක් හරි වැඩක් කරමින් හැගීම් යටපත් කරන්න එයාට ඕනෙ වුනා. ඒ නිසාම එයා අසීමිත ලෙස මහන්සි වුනා. හැගීම් අමතක කරන්න ජන්කුක්ට තිබුනු එකම විසදුම පොත් විතරය්. ජන්කුක් තමන්ගෙ ශරීරයේ ශක්තිය අඩු වෙනකම්ම වැඩ කරන්න ගත්තා. එයාගෙ මේ වැඩ පිළිවෙල නිසා සිද්ධ වුනේ දවසින් දවස දරදඬු පුද්ගලයෙක් බිහි වීම විතරය්.

යෙඔන්ජුන් හැමවෙලාවෙම ටේහ්‍යුන්ගෙ පිටිපස්සෙන්ම හිටියා. ටේහ්‍යුන් අඩන කොට එයාගෙ හිත හදන්න උත්සාහා කලා. ටේහ්‍යුන්ගෙ සවන් දෙන්නා බවට යෙඔන්ජුන් පත් වුනා. ඒකෙන් ටේහ්‍යුන්ට යම්තාක් සහනයක් දැනුනත් ජන්කුක් නැති හිස්තැන ඒ විදියට හිස්වම පැවතුනා. ඒත් ජන්කුක්....?? ටේහ්‍යුන් තනිවෙන හැමවෙලේම එයා ගාවින් එයා වෙනුවෙන් කවුරුම හරි හිටියා. ඉස්සර ජන්කුක්... දැන් යෙඔන්ජුන්.... නමුත් ඉස්සර ඉදන්ම ජන්කුක් තනිවෙන වෙලාවට එයා ළඟින් ඉතිරි වුනෙත් තමන්ම විතරය්. මේ හැගීම ජන්කුක්ගෙ හිතේ තුවාල පාරවන්න සමත් වුනා. ඒ වගේම ටේහ්‍යුන්ගෙ හිතේ අලුත් තුවාල ඇති කරන්නත් සමත් වුනා.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now