Chapter 05 🍂

574 172 80
                                    

Jungkook p.o.v.

" එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ජන්කුක්..... මං මෝඩ වුනා එයාට ආදරේ කරන්න තරම්....."

ටේහ්‍යුන් අඩාගෙනම මගෙ පපුවට තුරුල් වුනේ මාව වෙනම ලෝකෙක අතරමං කරලා. එයා මොකද්ද දැන් කිව්වේ.....?? ආදරේ කරපු කෙනාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.....??? එ....එතකොට එයා ආදරේ කරන්නෙ වෙන කෙනෙක්ටද....?? එතකොට ටේහ්‍යුන් මාව දකින්නෙ යාලුවෙක් විදියට විතරද....?? මට දැනුනෙ ඇග ඇතුලෙන් මාව පිච්චෙනව වගේ. මං මෙච්චර ගොඩ ගහගත්ත බලාපොරොත්තු..... හැම එකක්ම කෑලි කෑලිවලට කැඩිල යන්න තප්පරයක්වත් ගියේ නැහැ.

ආදරේ කරන එක මෙච්චරම අමාරුද.....?? මට හය්යෙන් අඩන්න ඕනෙ වුනා.... ඒත් මම ඇඩුවෙ නැහැ. ටේහ්‍යුන් මගෙ පපුවට තුරුල් වෙලා අඩනවා. එයාටත් වෙලා තියෙන්නෙ මට තියෙන දේමය් නේද....?? මං ආදරේ කරන කෙනා කැමති වෙන කෙනෙක්ට.... ඒ වගේම එයා ආදරේ කරන කෙනත් කැමති වෙන කෙනෙක්ට.... දෛවය මෙච්චර දරුණු වෙන්න පුලුවන්ද.... එකම එක වචනෙකින් මනුස්සයෙක්ගෙ සතුට, සැනසීම, බලාපොරොත්තු ඔක්කොම කෑලි කෑලිවලට කඩලා දාලා මුලු හිතම බිදෙන්න පුලුවන්ද....?? 

මං ඉකි ගහන ටේහ්‍යුන්ගෙ පිටට හිමීට තට්ටු කලේ වෙන කරන්නම දෙයක් නැති නිසා. මට ආදරේ නොකර වෙන කෙනෙක්ට ආදරේ කරපු එක ගැන මට ටේහ්‍යුන්ට බනින්නවත් වෛර කරන්නවත් බෑ. ඒත් ඒ ආදරේ නිසාම එයා වේදනාවෙන්. මට එයාගෙ හැගීම් තේරුම් ගන්න බැරි කමක් නැහැ. මට දැනෙනවටත් වඩා දුකක් එයාට දැනෙනව ඇති. ඒත් ඒ ආදරේ නිසා එයා මෙහෙම අඩනව දකින එක මට තවත් දුකක්. ඇය් අපි දෙන්නට බැරි අපිට ආදරේ කරලා සතුටින් ඉන්න.....??

මං මේ වෙලාවෙ ටේහ්‍යුන් ඉන්න තත්ත්වෙන් කොහොමටවත් ප්‍රයෝජන ගන්නෙ නැහැ. මම හැමදේම හංගගන්නම්.... එයා ආදරේ වෙන කෙනෙක්ට.... ඒක වළක්වන්න මට බැහැ. ඒත් ඒ ආදරේ නිසා එයා දුක් විදින එක නවත්තන්න මට පුලුවන් නම්.... මට කොච්චර රිදුනත් මට ඒක කරන්න ඕනෙ වුනා. එයා මාව දකින හොදම යාලුව විදියට එයාගෙ ලගින්ම ඉදන් මට එයාව සතුටින් තියන්න පුලුවන් නම්.... මං හිතන්නෙ මං දැන් කරන්න ඕනෙ ඒක.... එයාට මං ආදරේ නිසාම මං එයාව සතුටින් තියනවා. හැබැය් ඒ එයා මාව දකින හොදම යාලුවා විදියට.

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now