Jiminගේ ඇඟිලි සලකුණු නොමැතිව එම ලේ පැල්ලම Jiminගේ අතින් තැබුණු බව ඔප්පු කිරීමට නොහැකි විය. CCTV කැමරා ක්‍රියාවිරහිත කිරීම යන චෝදනාවෙන් Jiminව ගලවා ගැනීම Jungkookට අපහසු විය. කිමද යත් Jimin සැබැවින් ම CCTV ක්‍රියාවිරහිත කර තිබූ බැවින්. Jungkook ඒ සඳහා තර්කයක් ගොඩ නැගුවේය. ඔහු ඔප්පු කර පෙන්වූවා Jimin CCTV off කළේ අළුත්වැඩියාවක් සඳහා බව. එක් CCTV කැමරාවක දෝෂයක් තිබූ බැව් හමුවීමෙන් ඔහුගේ තර්කය ඔප්පු විය. එය එක්තරා විදිහක උසාවිය නොමඟ යැවීමක් වුවද එම තර්කය ඔප්පු වීම නිසා කිසිවෙකුට ඉන් එහා තර්ක කළ නොහැකි විය. එලෙස Jimin නිර්දෝෂි බව උසාවිය තීන්දු කළේය.
Jimin උසාවියෙන් පිටතට එනතුරු Yoongi එළියේ මඟ බලාගෙන සිටියේය. Jimin Jungkook සහ Taehyung සමඟ පිටතට පැමිණියත් වෙනදට ඔහුගේ මුහුණේ තිබුණ සිනහව එදා තිබුණේ නෑ. ඔහු මැලවිලා ගිහින් හිටියේ.

"Feel guilty?" Jiminගේ මුහුණ දුටු Jungkook පඩි පෙළ බසින අතරතුරදී ඇසුවේය.

"ම්ම්" Jimin බිම බලාගෙනම මිමිණීය. Jungkook සිටියේ Jiminගේ උරහිසින් අත දමා ඔහුව වාරු කරගෙනය.

"වද වෙන්න එපා. දැන් සේරම හරි. අන්න Yoongi hyungත් ඉන්නවා. ආ...තාත්තත්..." Yoongi සමඟින් එහි ඔවුන්ගේ පියා ද සිටියේය. Jimin Yoongi සිටි තැනට ඇරලවා Taekook ඩබල එතනින් ගියේ පවුල් ප්‍රශ්න එයාලට විසඳගන්න ඉඩ සලසා දෙමින්.

චෝදනා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වුණත් Jiminගේ මුහුණ මැලවී තිබීම Yoongiගේ හදවත කෑලි කෑලි වලට ඉරා දැමුවේය. Jiminව තුරලට ගෙන සනසන්නට ඔහුගේ සිතට ආ වාර ගණන ගනන් කරන්නටත් බැරි තරම් විය. නමුත් එය ඔහුට සිදු කිරීමට නොහැකි වූයේ එතන මව පියා දෙදෙනාම සිටි බැවින්. එය එසේ වුවත් Yoongi Jiminගේ අත හෙමින් අල්ලා ගත්තේ ඔහුට සවියක් වීමටය. සැමදා කරනවාක් මෙන් අත ගසා දමාවි කියා Yoongi සිතුවත් Jimin එසේ කළේ නැත. ඔහු සිටියේ සිර කුටිය තුළ ඔහුට දැනුනු පාලුව නිසා පීඩාවට පත් වූ මනසින් මය. ඔහු තවමත් යථා තත්වයට පත් වී තිබුණේ නැත.

"පුතා Yoongi hyung එක්ක යන්න. අපිට පුළුවන් නේ පස්සේ මේවා ගැන කතා කරන්න." Yoongiගේ මව Jiminගේ හිස අත ගා කීවාය. Jimin වෙනදා මෙන් ඇයව ප්‍රතික්ෂේප නොකළේය. පළමු වතාවට ඔහුට Yoongiගේ මව කෙරෙන් මවගේ සෙනෙහස දැනුනි. Jiminගේ මවද Jimin දුකෙන් සිටි අවස්ථා වල මෙලෙස හිස අතගා ඔහුව සැනසුවේය. Jiminගේ පියා සහ කුඩම්මා ඔවුන්ගේ වාහනයට නැගී ගියේ Yoongi සහ Jimin දෙදෙනාව එහි තනිකර දමමින් ය. යන්නට පෙර Jiminගේ පියා ඔහුගේ පිටට තට්ටුවක් දමා 'හැමදේම හරියයි' කියලා තමයි එතනින් ගියේ.

𝕿𝖍𝖊 𝖘𝖚𝖎𝖙𝖔𝖗 𝖋𝖗𝖔𝖒 𝖙𝖍𝖊 𝖙𝖍𝖊 𝖓𝖊𝖝𝖙 𝖈𝖆𝖇𝖎𝖓🚬 [✔️]Where stories live. Discover now